කටුනායක සංචාරකයින්ගෙන් පිරී යයි

0
picture courtesy: istockphoto.com
කොවිඩ් වසංගත සමයේ සම්පූර්ණයෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නැවතත් හිස ඔසවමින් තිබේ. ඊට නිදසුන් සපයමින් මේ වන විට කටුනායක සංචාරකයින්ගෙන් පිරී ඉතිරි යමින් තිබේ. සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාලව බොහෝ කටයුතු සුදානම් කරමින් යන බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.
ලොව පුරා ගුවන් සමාගම් 23ක් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර ඇති අතර දහස් ගණනින් සංචාරකයින් මෙරටට පැමිණෙමින් ඇත.
මේ සමග සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ජීවිකාව කරගත් ලක්ෂ ගණනගේ වෘත්තීය තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වනු ඇත.