ගෙවල් තෙමෙනවා, තව දුරටත් කැපකිරීම් කරන්න බැහැ

0
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මේ වන විට තමන් ඇතුළු පිරිස ගත කරන්නේ ඉතා අපහසු ජීවිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වැස්සට තෙමෙන බවත් ජල කරාම ලීක් වෙන බවත් ඉතා අබලන් තත්ත්වයක පවතින බවත් දුර බැහැර මන්ත්‍රීවරුන්ට තමන්ගේ පෞද්ගලික වාහනයෙන් මාසයකට කිහිප වතාවක් කොළඹ ඒමට සිදුව ඇති බව ද ඔහු පවසයි.
එමනිසා සුඛෝපයෝගී වාහනයක් ඉල්ලූ බව ද පැවසූ මන්ත්‍රීවරයා වසරක් තිස්සේ දීමනා නොගෙන යම් කැපකිරීමක් මන්ත්‍රීවරුන් කළ බවත් තව දුරටත් කැපකිරීම් කළ නොහැකි බව ද ලැබෙන සොච්චම් වැටුපෙන් මහජන නියෝජිතයකුගේ සියලු කාර්යයන් කළ නොහැකි බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.