මෙතෙක් බිහිවූ භයානකම කොවිඩ් ප්‍රබේදය විකෘතිතා රැසකින් යුක්තයි

0
මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා විකෘති ප්‍රභේදය දැඩි අවදානම් සහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඔමික්‍රෝන් නමින් හඳුන්වන මෙම නව කොවිඩ් ප්‍රබේදය ඉහළ විකෘතිතා සහිත දරුණුතම කොවිඩ් ප්‍රභේදයකි. මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා යන රටවලින් ද මෙම වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇත.
B.1.1.529 යනුවෙන් ද හැඳින්වෙන මෙම ප්‍රභේදය අවධානයෙන් සිටිය යුතු ප්‍රභේදයකි. විකෘතිතා රැසකින් සමන්විත මෙම ප්‍රබේදය නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. මේ නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම විකෘති වූ ප්‍රභේදය ලෙස නම් කර ඇත.
මෙහි පැතිරීම ආරම්භ වී තවමත් වැඩි කලක් ගෙවී නැති අතර, බොට්ස්වානා, බෙල්ජියම, ඊශ්‍රායලය සහ හොංකොංවලින්ද ආසාදිතයන් වාර්තා විය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව ප්‍රභේදයේ බලපෑම තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවය. මෙම ප්‍රභේදයේ දැක්වෙන විකෘතිතා නිසා එය එන්නත්වලට ප්‍රතිරෝධය දැක්වීමේ ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.