ඇමැතිවරුන්ගේ නිලධාරීන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් චක්‍රලේකයක්

0
අයවැය ඉදිරිපත් කෙරෙන ලබන මස 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ සංචාර තහනම් කර ඇත.
ඒ අනිවා කිසිදු විදෙස් සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර සියලුම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
අයවැය කටයුතු සාර්ථක කර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා යැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ලබන වසර (2022)සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ලබන මස 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.එදින සිට අයවැය විවාදය පැවැත්වෙන අතර අයවැය යෝජනාවලිය පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 10 වැනිදාය.