යොහානිගෙන් අලුත් වාර්තාවක්

0
ආසියාවේ ජනප්‍රිය ගායිකා යොහනි ද සිල්වා ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් ( ෆෙලොවර්ස්) සංඛ්‍යාව අද (16) දිනයේ ලක්ෂ තුන සීමාව පසු කර ඇත
ඒ අනුව යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා තවත් නව වාර්තාවක් තැබුවාය.
මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය  වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන “අපේ අම්මා ” යූ ටියුබ් චැනලය වේ.
ලොව පුරා කෝටි 15.5 ක නැරඹුවාර හිමි “මැණිකේ මගේ හිතේ ” ගීතය  ප්‍රතිගායනා කිරීම හරහා ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ යොහානී ට ලැ⁣බෙන රසික ප්‍රතිචාර හේතුවෙන් ඇයගේ යූ ටියුබ් චැනලයේ අනුගාමිකයින් ලක්ෂ තුන පසු කීරීමට සමත් විය.
එම ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් ඇය මේවන විට ඉන්දියාවේ සංගීත ප්‍රසංග 2ක් පැවැත්වූ අතර ඉදිරියේදී  ඕමානයේ සහ ඩුබායි හී නව ප්‍රසංග 2 ක් සදහා ඇයට ආරාධනා ලැබී ඇත.
ඉන්දියාවේ ලැබූ ජනප්‍රියත්වය නිසාම ඇය ලෝකයේ වැඩිම යූ ටියුබ් අනුගාමිකයන් සහිත ඉන්දියාවේ ටී සීරිස් ආයතන සමගද සංගීත කටයුතු සදහා ගිවිසුම් ගත වී ඇත.ඒ අනුව ඇය සිය පලමු බොලිවුඩ් ගීත ගායනයටද ඉකුත් 04 පිවිසියාය.”ෂිද්දත්” නැමති බොලිවුඩ් චිත්‍රපටයේ පසුබිම් ගීතයේ කාන්තා අනුවාදන ගීය වූ එය ද මේ වන විට කෝටියක් නරඹා අවසානය.