අඩු වෙන අස්වැන්නට වන්දි

0
picture courtesy: amayaresorts.com
මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසුවේය.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එකඟත්වය ලැබී ඇත. කෙසේවෙතත් පොහොර ගැටලුව ගැන කතා කරමින් කන්නයට අවශ්‍ය පොහොර ලබා දෙන බවට අමත්‍යවරයා පොරොන්දු වී තිබේ.
ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත නයිට‍්‍රජන් දියර පොහොර මේ මස අග වන විට ගොවීන්ට ලබා දිය හැකි බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.