ගුලාබ් කුණාටුව නිසා ඉදිරි පැය 24 තුළ වැසි වැඩි වීමක්

0
ඉදිරි පැය 24 තුළ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින්විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මේ අතර උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ‘ගුලාබ්’ සුළි කුණාටුව මේ වනවිට උතුරු අක්ෂාංශ 18.3 සහ නැගෙනහිර දේශාංශ 87.7 ආසන්නයේ ස්ථානගතව පවතින බවත් එය අද ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට ගමන් කර ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිස්සා අතර වෙරළ තිරයෙන් ගොඩබිම තුළට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ දැක්වේ.