යුගදනවි ගිවිසුමේ රහස් ගොඩක් – වසර දෙකක් යනතුරු හෙළි කරන්න බැහැ

0
යුගදනවී විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්ට්‍රස් එනර්ජි ලිමිටඩ් ආයතනය වෙත පැවරීම සම්බන්දයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් අත්සන් කිරීමේ දිනයේ සිට වසර දෙකක කාලයක් යනතුරු ප්‍රසිද්ධ නොකිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි වාර්තා වේ.
අදාල ගිවිසුමේ වගන්තියක මේ බව දක්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ගිවිසුම අත්සන් කල දිනය වූ 2021 සැප්තැම්බර් 17වනදා සිට 2023 සැප්තැම්බර් 17වන දා කාලය තුළ දී ගිවිසුමේ අන්තර්ගතය දෙපාර්ශවය විසින් හෙළිදරව් නොකෙරෙනු ඇත. මෙම ගිවිසුමේ අන්තර්ගතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය දිගින් දිගටම පැවසුවේය. එහිදී ඇමති ගාමිණි ලොකුගේ මසක් ඇතුලත එය ඉදිරිපත් කරන බව පැවසුවද මෙතෙක් ඉදිරිපත් කර නැත.