එක් දිනක් තුල ගෑස් සිද්ධි 15ක්

0
මාතලේ උඩුපිහිල්ල ප්‍රදේශයේ නිවසක ගෑස් අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාවක් 6වනදා මිය ගියාය.69 හැවිරිදි මෙම කාන්තාව ඉකුත් නොවැම්බර් 19වනදා ගෑස් ලිප දැල්වූ අවස්ථාවේදී ඇගේ සිරුරට ගිනි ඇවිලී ඇති බව පොලිසිය පවසයි. ඇයව මාතලේ මහා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. සිද්ධිය පිළිබදව අදාළ ගෑස් සමාගමට සහ පාරිභෝගික අධිකාරියට ලිඛිතව දන්වා ඇති බව පවුලේ අය පවසති. උදෑසන තේ හදන්න ගිය අවස්ථාවේදී ඇය මෙම ඛේදවාචකයට මුහුණ දී තිබේ. සිද්ධිය සම්බන්දයෙන් මාතලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්දයෙන් සිද්ධීන් 15ක් ඊයේ 6 වනදා පස්වරු වන විට පොලිසියට ලැබී ඇත. කොල්ලුපිටිය, කඩුවෙල, රාගල, කැස්බෑව, මුන්දලම, කොස්ගම, ගල්කිරියාගම, මීගොඩ, සහ ඌව පරණගම ආදී ප්‍රදේශ වලින් මෙලෙස පැමිණිලි ලැබී ඇත.