දවස් දෙකට කළුතර කොරෝනා 42ක් – දිනකදී අලුත් රෝගීන් 568 ක් මරණ 3ක්

0
පසුගිය 3සහ 4යන දෙදින කළුතර දිස්ත්‍රික්කයේ නව කොරෝන ආසාදිතයින් 42ක් සහ මරණ 3ක් සිදුවී ඇත. පොලිස් වසම් මට්ටමෙන් මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. 3වනදා මතුගමින් 5ක් බදුරලිය 17ක් අගලවත්ත 8ක් පිටවත්ත 2ක් වරකාගොඩ 2ක් ලෙසද 4වනදා මතුගම 2ක් බුලත්සිංහල පයාගල මිල්ලෙනියෙන් 1ක්කෙනා බැගින්ද කළුතර උතුරෙන් 3ක් ද එලෙස වාර්තා වී තිබිණි.
6වනදා කොරෝනා අලුත් රෝගීන් 568 ක් හමුවී ඇත. ඒ අනුව මෙරටින් හමුවන කොරෝනා රෝගීන් මුළු ගණන 5,68,250දක්වා ඉහල ගොස් ඇත. මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් මරණ 14,484දක්වා වැඩිවී ඇත.