විදුලිය විසන්දි වීම පිටුපස කුමන්ත්‍රණය

0
රට පුරා එකවර විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රථිපලයක් බව පිළිගත හැකි බොහෝ සාධක ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ජෙයෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.එම නිසා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබදව කරුණු හෙළිකර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම සංගමය පවසයි.
එමෙනම සාධාරණ පරීක්ෂණයකින් පසු එය කඩාකප්පල් කාරී ක්‍රියාවක් බවට ඔප්පු වුවහොත් ඒ සම්බන්ද වගකිව යුත්තන්ට උපරිම දඩුවම් ලබා දිය යුතු බවද එම සංගමය පවසයි.රටපුරා විදුලිය විසන්දි වීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන අතර විශාල මහජන මුදලක් නාස්තිවීමක් බව ද එම සංගමය සඳහන් කරයි. “විදුලි බිද වැටීම් දෙකම ළඟ ලඟම සිදු වුණා. එකම ආකාරයට තමයි දෙකම සිදු වුණේ.සැකයක් තියෙනවා විදුලිය විසන්ධි වූ පසුව නැවත හදන්න යන කොට බාධා කරනවා නම් ඒකත් කඩාකප්පල්කාරී වැඩක්. විදුලි ඉංජිනේරුවරුන්ට නිවසේ සිට හෝ වෙනත් ස්ථානයක සිට පරිඝනකය ඔස්සේ තාක්ෂණිකව වැඩ කරන්න පුළුවන්.එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පැවසුවේය.