ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත්, කොවිඩ්

0

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත්,
කොවිඩ් – ඩෙංගු ව්‍යවසන දරුණු ලෙස හිස ඔසවීමේ අවධානමක් පවතිනවා.
– පළාත් කොවිඩ් කමිටුව අමතමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි.

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත්,කොවිඩ් – ඩෙංගු ව්‍යවසන දරුණු ලෙස හිස ඔසවීමේ අවධානමක් පවතින බව  මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අවධාරණය කර සිටී. එම මහතා මේ බව අවධාරණය කර සිටියේ මධ්‍යම පළාත් කොවිඩ් 19 මෙහෙයුම් කමිටුව මාර්ගගත ක්‍රමවේදයට (23) පැවැති අවස්ථාවේදී අදහස් දක්වමිනි. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් විරසූරිය, මහනුවර/මාතලේ දිස්ත්‍රීක් භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්විමින් පළාත් ආණ්ඩුකාරයා සදහන් කර සිටියේ, රටක් වශයෙන් දැඩි කැපවීමකින් අනතුරුව, කොවිඩ් වසංගතය යම් පාලනයකට ලක් කොට ඇති නමුත්, ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරිම මගින් එම සියලු කැපකිරීම් ප්‍රතිඵල විරහිත වන බවයි. ‍වැසි සමයත් සමග ඩෙංගු වසංගත තත්ත්වය හිස ඔසවීමේ අවධානමක් ද පවතින බවත් , තම ගෙවත්ත, තම සේවා ස්ථානය පිරිසිදුව පවත්වාගැනීමට කටයුතු කරන්නේනම්, සමස්ථයක් වශයෙන් පාලනයකට නතු වන බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.