Political fact / දේශපාලන කතාබහ

0
යහපාලන රජය සමයේ බස්නාහිර පළාත් සභා මහ ඇමති වරයාව සිටි වත්මන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණේ ඉඩමක් සම්බන්ධ කර ගනිමිනි. ඊට අදාළ නඩුව ඉකුත් සඳුදා අළුත්කඩේ උසාවියේ විභාගයට ගැනිණි. ඉඩමක් විකිණීමේදී  මහ ඇමතිවරයා ලෙස සිය බලය අයුතු ලෙස යොදාගැනීමක් සම්බන්ධයෙන් මෙම නඩුව යොදා තිබිණි .

අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉකුත් රජය සමයේ මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා කැප වූ පිරිස එරෙහිව බොරු නඩු දැමීමක් සිදු වූ බව ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමත් සමග දිගින් දිගටම මෙම පලිගැනීම සිදු වූ බවත්  එකල මහින්ද සුළඟ රැස්වීම් මාලාව සංවිධානය කිරීම සඳහා මුල් වූ අය අතර ධූරයක් දැරූ එකම තැනැත්තා තමන් බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවේ  අමාත්‍යවරයාගේ බිරිඳ ද අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් පෙර උසාවියකට  හෝ පොලිසියකට ගොස් නොමැති බවයි. කිසිදු හේතුවකට මින් පෙර අධිකරණයක් ඉදිරියේ පෙනී නොසිටි තමන්ව  ස්වාමි පුරුශයා ගේ දේශපාලනය නිසා මෙම නඩුවට පටලවා ගෙන ඇතැයි ඇය විත්තිකූඩුවේ සිට කියන විට ඇයගේ ඇසින් කදුලු ඇද වැටිනි.

ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා කටුනායක ගුවන් තොටුපොළ සෞඛ්‍ය ප්‍රකාශ භාරගැනීමේ කවුළු කිහිපයක් හඳුන්වා දී තිබේ. ලංකාවට පැමිණෙන සංචාරකයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත් කරන වාර්තා රැස් කර ඉදිරි පියවර ගැනීම මෙම කවුලු මගින් සිදු කෙරිණි.  මේ වන විට 12,000 ක පමණ සංචාරකයින් පිරිසක් දෛනිකව කටුනායක ගුවන් තොටුපොළින් සේවය ලබා ගනී. ඒ නිසා සමහර වෙලාවලදී තදබදයක් ඇති වේ. තදබදය නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට  තරමක වේලාවක් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රැඳී සිටීමට සිදුවන අවස්ථා විය. කෙසේ වෙතත් මේ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි ඉදිරිපත්ව තිබේ. එම පැමිණිලි සම්බන්ධයෙන්  දැනුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක අමාත්‍යවරයාට දුරකථනයෙන් ඇමතීය.

” එයාපෝට් එකේ මිනිස්සු රස්තියාදු වෙන්න බැහැ. ප්‍රසන්න අදම මේකට විසඳුමක් දෙන්න”

” හරි ජනාධිපතිතුමා. මම දැන්ම මේ ගැන සොයා බලන්නම්” කී අමාත්‍යවරයා ඒ මොහොතේම කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය වෙත පැමිණියේ අදාළ නිලධාරීන්ට ද වහාම ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දෙමිනි.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ  පැවැති සාකච්ඡාවේ දී අනාවරණය වූයේ එහි අවශ්‍යතාවයට සරිලන පරිදි සෞඛ්‍ය අංශ සේවකයින්ව සේවයට යොදවා නොමැති බවයි.

” ගුවන්තොටුපල බලධාරියා විදිහට ගුවන් තොටුපොළ සභාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කාර්ය මණ්ඩලය යොදවලා ප්‍රමාදය මගහරවාගන්න කටයුතු කරන්න” ඇමතිවරයා ඊට උපදෙස් දුන්නේය.

” අපි වෛද්‍යවරු. අපිට එහෙම කරන්න බැහැ ” බොහෝ වෛද්‍යවරුන්ගේ එකඟතාවය ලැබුණත් එක් වෛද්‍යවරයෙක් ඊට එරෙහිව කතා කළේය.

”  මෙතන කෙරෙන්නේ මෙහෙයුමක්. වෛද්‍යවරුන්ගේ කාර්යභාරය ගුවන්තොටුපල සේවකයින්ට දෙන්න කියලා අපි කියන්නේ නැහැ. ඔයාලට සහායට අවශ්‍ය සේවකයින් දෙන්නම් කියන කාරණයයි අපි පැහැදිලි කරන්නේ.  ඔක්කොම එකතුවෙලා තීරණ ගන්න ඕන වෙලාවක ඔයවගේ කතා කරන්න ගියාම අපි කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නේ” අමාත්‍යවරයා එහිදී විමසීය.

සාකච්ඡාව අවසානයේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ අමාත්‍යවරයා ගුවන් මගින් පැමිණෙන මගීන් ගේ ගැටළු විමසමින් ඒ අවස්ථාවේදීම ඊට අදාළ පියවර ගැනීමට කටයුතු කළේය

ඉකුත් 16 වැනිදා විපක්ෂය සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ආන්ඩුවට එරෙහිව විරෝධයක් සංවිධානය කර තිබිනි.එදින පාර්ලිමේන්තු ලොබියේ දී මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක් ඇති විය.

” යහපාලනයට එරෙහිව  ඒ කාලේ අපි කරපු උද්ඝෝෂණ වගේ  ඒවා තමයි ඒ අයත් කරන්නෙ කියලා සමහරු කියන්න උත්සහ කරනවා. මම නම් හිතන්නෑ හිතන්නේ ඒ කාලයේ අද කාලේ සමාන කරන්න පුළුවන් කියලා” සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කීවේය.

” අපි උද්ඝෝෂණ කරන කොට ලෝකෙ කොහෙවත් වසංගතයක් තිබුණෙ නැහැ. බැරිවෙලා හරි ඒ කාලේ වසංගතයක් තිබුණනම් ආණ්ඩුවට විරුද්ධව අපි කරපු වැඩ පිළිවෙල ඊට වඩා වෙනස් වෙන්න තිබුණා. කවදාවත් මිනිස්සු ඇපයට තියලා අවදානමට යොදලා විරෝධතාවයක් කරයි කියලා කියල මම නම් හිතන්නෙ නැහැ” මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා කීවේය.

” ඔව් එහෙම වුනානම්මීට වඩා වෙනස් විරෝධතා ව්‍යාපාරයක් අපි එදා කරනවා. වසංගතයක් එක්ක සාම්ප්‍රදායික විරෝධතා වෙනුවටවිරෝධතා දැක්වීමේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

”  මේ වෙලාවේ වසංගතයෙන් ගොඩයන්නමිනිස්සුන්ට සෞඛ්‍යය පිලිවෙත් අනුගමනය කරන්න කියලාරටේ ආර්ථිකය ගොඩ ගන්න යෝජනා ඉදිරිපත් කලානම් විපක්ෂය ගොඩයන්න තිනුනා” කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය කීවාය.

” ඔව්. මේ විපක්ෂයේ අයට ඒ වගේ සිතුවිලි පහල නොවෙන එකම අපිට වාසියි” නිමල් ලංසා මන්ත්‍රීවරයා ද කතාවට එක් වූවේය.

” යන්තම් දරුවෝ පාසල් යන්න ගත්තා විතරයි.ඊලගට පටන් ගන්නෙ සජිත්ගෙ ගොන් රැල්ල. ” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කී විට එතැන සිටි සැවොම එය අනුමත කළේය.

වෛද්‍ය උපාංග නිෂ්පාදන කර ඇමරිකාව  සහ යුරෝපා කලාපයට අපනයනය කරන දැවැන්ත නිෂ්පාදනායතයක් විවෘත කිරීමේ උත්සවයක් පසුගිය අගහරුවාදා බණ්ඩාරගම දී පැවැත්විනි. මුදල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමිය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ,රෝහිත අබේගුණවර්ධන හා හිටපු සෞඛ්‍ය  ඇමතිවරයෙකු වූ රාජිත සේනාරත්න  ඇතුලු මැති ඇමතිවරු පිරිසක් සහභාගි වූහ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අසලින් යන විට බැසිල් රාජපක්ෂ ඇමතිවරයා

“කොහොමද රාජිත”  ඇසීය.

“හොදින්…හොදින්”  රාජිත සේනාරත්න ඇමතිවරයා කීවේය.

“මම ඉක්මනින් යන්නත් ඕන…තේ එකක් බොන්න විනාඩි පහකට චේම්බර් එකෙන් එළියට ගියත් ඔයාලගෙ පැත්තෙ අය කෝ මුදල් ඇමති කියල කෑගහනවනෙ” යි නැවතත් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සිනාමුසුව පැවසීය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයට ඊට පිලිතුරක් දී ගත නොහැකි විය.

තව තවත් මෙවැනි ආයෝජන දිරිගැන්වීම මුදල් ඇමති ලෙස තමන්ගේ ප්‍රමුඛ කාර්යක් බව මුදල් ඇමතිවරයා සභාව අමතමින් කිවේය.තව නොබෝ දිනකින් ලෝකයේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් ඔවුන්ගේ ක්‍රියාකරකම් සදහා මෙරට නව ආයතනයක් විවෘත කරන බවත්  එමගින් තරුණ දරුවන් 2000 කට වැඩි පිරිසකට රැකියා ලබාදීමට  බවත් මුදල් ඇමතිතුමා සදහන් කලේය.

පවතින ආපදා තත්ත්වය සහ ආපදා කළමනාකරණ මෙහෙයුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අගහරුවාදා උදේ අගමැතිතුමාගෙ පාර්ලිමේන්තු කමිටු කාමර අංක 2 දී පැවැත්විනි.

ඒ අවස්තාවේ ආපදාවන්ට මුහුණ දෙන දිස්ත්‍රික් කිහිපයක් ගැන එහිදි විශේෂයෙන් සාකච්ඡා විය.

“සර්…බදුල්ලේ නාය යාමේ අනතුරු හදුනාගෙන තියෙන තැන්වල ඉන්න පදිංචිකරුවන් තවත් පිරිසක් ඉන්නව පදිංචි කරවන්න.ඒකට ආණ්ඩුවෙ ඉඩම් ටිකක් නිදහස් කර ගන්න ඕනි” ඇමති නිමල් සිරිපාලගෙ යෝජනාව ඉක්මනින් ඉටු කරන ලෙස අගමැතිතුමා උපදෙස් ලබා දෙන විට

“සර්..මේවා මෙහෙම කරන්න බෑ.බදුල්ලේ ආණ්ඩුවෙ ඉඩම් කොළඹ සමහරු ඇවිත් බලලා යනවා.බදුල්ලේ ඉඩම් කොළඹ අයට දෙන්න බෑ” යි චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා තමන්ගේ  සුපුරුදු උස් හඩින් කීවේය.

“නෑ නෑ සර් ..අපි කාටවත් අවිධිමත් විදිහට ඉඩම් දීල නෑ”  ඉඩම් ඇමති එස් එම් චන්ද්‍රසේන ඒ මොහොතේ ම පිලිතුරු දුන්නේය.

 බුලත්සිංහල ගංවතුර ප්‍රශ්නෙට සංජීව එදිරිමාන්න ඉදිරිපත් කලේ අමුතුම පිලිතුරකි.

” සර්..කුකුලේ ගග ප්‍රොජෙක්ට් එකේ දොරවල් ඇරපු ගමන්  මෝල්කාව ,පරගොඩ වටේම විනාඩි කීපෙන් යටවෙනව..ගමේ අය කැමතියි සර් ගෙටම එකතු කරල උස් තැනක් ඉදිකරගන්න.එතකොට එකපාරටම වතුරට යටවෙන අසරණකමෙන්  ටිකක් නිදහස්..මේකට නිවාස අධිකාරියෙන්  අඩු පොළියකට විශේෂ ණයක් හදල දෙන්න”

” ගම්පහ දිස්ත්‍රික්කයේ ඇලවේලි ටික හරියට සුද්ද කර ගත්ත නම් පිටාරෙට යට වෙන එක ගොඩාක් අඩු කරගන්න පුළුවන්” කවුද ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් කතාකරන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

ඒ අවස්ථාවේදී ඊට අදාල දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් පිලිබදව වාරිමාර්ග අමාත්‍යංශයේ නිළධාරියෙක් කරුනු පැහැදිලි කලේය.

එය අසා සිටි මුදල් අමාත්‍යවරයා “දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කරන්න. ඒත් ඔක්කොටම ඉස්සෙල්ලා   වැහි කාලෙ  එන්න ඉස්සෙල්ලා මේ ඇලවල් ටික අදුරගෙන ඒව  සුද්ද කරන්න” කීවේය.

“ඔව් සර්..මම කියන්නෙත් ඒක  .ගම්පහ මිනිස්සුන්ට මේ වෙලාවෙ අවශ්‍ය ඉක්මන් උත්තරයක්.” කී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇලෙන් ඇලට  විස්තර සියල්ල පැහැදිලි කළේය.

“ගොඩාක් ස්තුතියි සර්.. බුලත්සිංහල ප්‍රශ්නෙට සහන ණයක් දෙන්නම් කියල නිවාස අධිකාරියෙන් දැන් මට කෝල් කරල කිව්වා” අගමැතිතුමාගේ කඩිනම් විසදුම  සංජීව එදිරිමාන්න  පිළිබඳ සභාව දැනුම්වත් කර “ස්තුතියි” කියද්දී සභාවේ හැමෝම අගමැතිවරයා දෙස බැලූයේ ගෞරව පූර්වකවය.