මත්පැන් පානය කොට අශෝබන ලෙස හැසුරුණු ගල්පාත ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට

0
මත්පැන් පානය කොට ගල්පාත ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශවාසීන් විසින් ලයිට් කනුවක බැඳ දමා ඇත. ඉන්පසුව ඔහුව කළුතර උතුර පොලීසියට බාර දී ඇත.
මොහු පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, මන්ත්‍රීවරයකි.
පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කළ මන්ත්‍රීවරයා පිරිසෙන් මගහැරී ඇති අතර ගල්පාත, බහුරුපොල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අශෝභන ලෙස හැසිරී ඇත.
ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රීවරයාව නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර , සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරුව ඇත.