කොවිඩ් අවදානම දිගටම අවධානයෙන් කටයුතු කරන්න

0
සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව රජය පවසයි.
ඒ අනුව කොවිඩ් වසංගතය සමහර රටවල යළි හිස ඔසවමින් සිටින බවත් එවැනි තත්වයක් ඇති නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
සෞඛ්‍ය නීති නීතිවලට අනුගත වෙමින් කටයුතු කරන්නැයි ද සියලු ජනතාවගෙන් ඔහු කාරුණිකව ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ජනතාව බුද්ධිමත් හෙයින් සෞඛ්‍ය නීති රැකීම සම්බන්ධයෙන් ඔවුනට අමුතුවෙන් කියා දිය යුතු නැතැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.