රන් පදක්කමක් දිනා දුන් දිනේෂ්ට අග්‍රාමාත්‍ය මහින්දගෙන් නිවසක්

0
ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට නව නිවසක් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරාට මේ බව දන්වා ඇත
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියකින් නිවසක් හඳුනා ගෙන අදාළ නිවස ප්‍රදානය කිරීමට කටයුතු සම්පාදනය කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාරට මේවන විට  උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව නුදුරු සති කිහිපයේදී ඔහුට නිවසක් හිමිවනු ඇත