80 වැනි උපන් දිනයේ යන්න සිටි මම 14 විශ්‍රාම යනවා – මහබැංකු අධිපති

0
මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.
ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව විශ්‍රාම යාම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේය.
 මෙහිදී ඔහුගේ සිත රිදවීමට හේතු වූ කරුණු පිළිබඳ මාධ්‍ය විමසුව ද ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ප්‍රකාශයට පත් කිරීමප්‍රතික්ෂේප කළේ ය. ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ රටක් ලෙස හැඳින්වීමට සිදුවීම ගැනත් රට ගොඩ ගැනීමට පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් කනගාටු වන බව ඔහු පැවසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරු තම ප්‍රතිපත්ති අනුව භාරගත නොහැකි නිසා එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය. අද (10) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. නව මහබැංකු අධුපති ධූරයට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමට නියමිතය.