එලියන්ත් ICU

0
විශ්ව ශක්තියෙන් වැඩ කරන රාජකීය වෙදැදුරු ලෙස හැඳින්වූ එලියන්ත් වයිට් මේ වන විට කොරෝනා නිසා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
එලියන්ත් මෙරට තුල වඩාත් ජනප්‍රිය වන්නේ පසුගියදා කොරෝනා සුව වීම උදෙසා අමාත්‍යවරුන් ද සම්බන්ද කරමින් මුද්දී ගංගා වල පා කිරීමත් සමඟිනි.
කෙසේවෙතත් මේ වන විට ඔහුට කොරෝන ආසාදනය වීම සමාජයෙ  දැඩි කතා බහට ලක්වෙමින් තිබේ. The Sunday Reader අපට වාර්තා වන පරිදි සඳහන් වූයේ ඔහු ඇතිවූ කිසියම් අසාධ්‍ය තත්වයක් නිසා කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලිකට රෝහලකට ඇතුල් කල බවයි.
 එහිදී ඔහු කොරෝනා රෝගියකු ලෙස ඇතුලත් වී නැත. පසුව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී කොවිඩ් අසාදිත බවට තහවුරු වීමෙන් කොවිඩ් රෝගියකු ලෙස රෝහල් රෝගීන්ගේ දත්ත වලට ඇතුලත් කර තිබේ