ඔක්සිජන් නැතිව කිසිවෙකුට මැරෙන්න දෙන්නේ නැ

0
picture courtesy: dailynews.lk
ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නැහැ
පවසයි.
මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වන විට ඉහළ ගොස් ඇතැයිද ඒ අනුව මේ වන විට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීමට මූලික අවධානයක් යොමුව ඇතැයිද මෙරටට ඔක්සිජන් ලබා දීමේදී ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ සහයෝගයද අතිශය වැදගත් බවත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලැබෙනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසුවේය
අද වන විට මෙරට කොවිඩ් මර්දනය උදෙසා රටවල් රැසක සහයෝගය ලැබෙමින් පවතින බවද ඒ වෙනුවෙන් ප්‍රණාමය පුද කරන බවද අමාත්‍යවරයා පැවසීය.මේ මොහොතේ මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මූලික අවධානය ලබා දෙන අතරම ඒ උදෙසා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමට රජය ප්‍රමුඛව කටයුතු කරන බවද හෙතෙම කීය.