හොර සීනි අල්ලයි

0
කොළඹ වරායේ ගොඩ ගැසී තිබෙන ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහිත කන්ටේනර් 400ක් පමණ ඉක්මනින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මේවා අතර සීනි පැට වූ කන්ටේනර් ද තිබී ඇති අතර ඇමතිවරයා මේ සඳහන කර තිබෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය සතියේ මුදල් ඇමතිවරයා හමුවී සීනි, කිරිපිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පැවැතීමත් ඉදිරියේදී ඒවායේ මිලද ඉහළ යෑමට ඉඩ ඇති බැවින් මේ සඳහා කඩිනම් පියවරක් ගන්නැයි කළ ඉල්ලීමකදීය.
විශේෂයෙන් ම ඩොලරයේ මිල ඉහළයෑම නිසා වරාය ගාස්තු ද වැඩිවීමක් සිදුව ඇති බැවින් භාණ්ඩ අපනයනය කළ පිරිස් ඒවා වරායෙන් මුදා ගැනීමට ඒම ප්‍රමාදවීම මෙසේ කන්ටේනර් මුදාගැනීමේ ප්‍රමාදය හේතුවක් වී තිබෙන බව මේ හමුවේදී පෙන්වාදී ඇති මුදල් ඇමතිවරයා මේ සතිය වනවිට එම කන්ටේනර් මුදාගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව පවසා තිබේ.
එසේ ම, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයනය කිරීමේදී ඩොලර් හිඟය ප්‍රශ්නයක් වී තිබෙන බව සඳහන් කර ඇති මුදල් ඇමතිවරයා තමා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කොට එම අපනයන සඳහා ඩොලර් මුදාහැරීමට අවශ්‍