ව්‍යාජ ඔක්සි මීටර් වලට රැවටෙන්න එපා

0
ව්‍යාජ ඔක්සි මීටර් පන්දහසට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වෙළද පොළෙන් සොයාගෙන ඇත.
කොරෝනා රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීම සදහා ඔක්සි මීටර් යොදා ගැනීමත් සමග එම උපකරණවලට ඇති ඉල්ලුමද මේ වනවිට ඉහළ ගොස් ඇත.
මේ හේතුවෙන් ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස ඔක්සි මීටර් අළෙවි කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. ඒ අනුව ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් 250ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී සොයාගෙන ඇත එහිදී ඖෂධශාලා 42කින් එම ප්‍රමිතියෙන් තොර  ඔක්සිමීටර්  සොයා ගෙන ඇත.