එන්නත් ගන්න පිට පළාත් වලට යන්න දෙන්න එපා – PHI ඉල්ලයි

0
Picture Courtesy: Colombopage
මෙරටින් දෛනිකව 4000 ඉක්මවා කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වීම පාලනය නොවුනහොත් වසංගත පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහී යාමට ඉඩ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
අත්‍යවශ්‍ය සේවාවන්ට මුවාවී බොහෝ පිරිසක් නිරෝධායන ඇදිරිනීතිය අවභාවිත කිරීම තුල දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවන බවත් ඇතැම් පිරිස් තමන්ට හිමි ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත නොගොස් පිට පළාත් වල පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණීම වළක්වා දෙන ලෙසට උපුල් රෝහණ මහතා පොලීසියෙන් ඉල්ලීමක්ද සිදු කළේය