කර්තෘ එලමෝ ගුණරත්න කොවිඩ් නිසා සමුගනී

0
ලංකාදිප, සන්ටේ ටයිම්ස් සහ ඩේලි මිරර් පුවත්පත් තුනේම කර්තෘධූරයන් තුනම එකවර දැරූ ප‍්‍රවීණ පුවත්පත් කතුවර එල්මෝ ගුණරත්න අභවප‍්‍රාප්ත විය.
කොවිඩ් ආසාදනය වූ එල්මෝ ගුණරත්න අද පෙරවරුවේ මිය යන විට 89 වැනි වියේ පසුවිය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප‍්‍රවාහන අමාත්‍යාංශයේ සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ ඔහුගේ පුත් තුෂාර ගුණරත්න ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයාලෙස, මව්බිම පුවත්පතතේ සහ ජනයුගය පුවත්පතේ කර්තෘවරයා ලෙස සේවය කළේය.
ඊයේ දිනයේදී එල්මෝ ගුණරත්නගේ වැඩිමහල් පුත් දමිත ගුණරත්න ද හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.