කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ඩෙල්ටා” මර්දනයට සුදුසුයි

0

කොවිඩ් මර්දනය සඳහා යොදාගනු ලබන කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළින් හඳුනාගත්  “ඩෙල්ටා” ප්‍රභේදය මර්දනය කිරීම 95%කින් සාර්ථක තහවුරු වී ඇති බව ජාතික පර්යේෂණ සභාව පවසයි.

එම සභාවේ සභාපති මහාචාර්ය වෛද්‍ය හේමන්ත දොඩම්පහළ මහතා ප්‍රකාශ කළේ මාස 4ක කාලයක් පමණ කාලයක සිට සිදු කළ සායනික පරීක්ෂණයකින් අනතුරුව මේ බව තහවුරු වූ බවයි.

එම පරීක්ෂණය සඳහා කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පළමු මෙන්ම දෙවැනි මාත්‍රාවන්ද යොදාගෙන ඇති අතර එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනක් සිදු කර කොවිඩ් වැළඳීම පාලනය කරන බව මහාචාර්ය දොඩම්පහළ මහතා පවසයි.

මෙම කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත්කිරිමෙන් මාස 2කට පසුව ශරීරයේ ප්‍රතිදෙහයන් වර්ධනය වන බව අදාළ පරීක්ෂණයේදී හඳුනාගෙන තිබේ.

එබැවින් කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට ජනතාවට ලබා දීම ඉතාමත් සුදුසු බව ඔහු පවසයි. මෙම පරීක්ෂණය සඳහා ජාතික පර්යේෂණ සභාවේ,කොළඹ ජාතික රෝහලේ,දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය වරු ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.