මැණිකේ මගේ හිතේ මුල් අයිතිකරු සතිශාන් – මෙවර යෝහානි ඒ ගැන කියන දේ

0
By: අශ්වරු 
“මැණිකේ මගේ හිතේ” මුල් අයිතිකරු සතිශාන් – මෙවර යෝහානි ඒ ගැන කියන දේ
සතිශාන් රත්නායක ඔහු ජනප්‍රිය ගායකයෙක්. මැණිකේ මගේ හිතේ මුල් ගීත ගායනය ඔහුගේ, ඒවගේම ගීතයේ අයිතිකරු ඔහු. මුල්ගම් කෑගල්ලේ කුඩාකල සිට සංගීතයට ඇළුම් කරන සතිෂාන් කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයා ගෙන. ඔහුගේ මුල් රැකියාව වන්නේ ටයිම් කීපර් තනතුරක්. මෙහෙම කට්ට කාගෙන ඔහු කල පළමු නිර්මාණය මෙතෙක් ප්‍රචාරය කරලත් නැහැ. මෙසේ වසර 6කට පමණ පසු ඔහු ගීත නිර්මාණයට යොමු වෙනවා. මේවන විට ඔහු කර ඇති ගීත නිර්මාණ ගණන 10කට ආසන්නයි..
“මම හිතනවා ඕනෑම කෙනෙක්ට වෙලාව එනවා කියන දේ. හැමෝටම තමන්ගේ ජිවිත වල ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. මම හිතනවා මගේ ජිවිතේ ටර්නින් පොයින්ට් එක “මැණිකේ මගේ හිතේ” සිංදුව. චමත් සංගීත් අයියාගෙන් තමයි දුලාන් ARX හඳුන්වලා දෙන්නේ.  පළමු ගීතය ඕඩියෝ එක විතරයි,  දෙවැනි ගීතය තමයි මේ විදියට එන්නේ මැණිකේ..
චමත් සංගීත් යනු මෙරට සංගීත ශේෂ්ත්‍රයේ බ්‍රෑන්ඩ් එකක්. බොහෝ නිර්මාණ වල ඔහු ඇත. ඒ අනුව යොහානිව මෙම ගීතයට එකතු කර ගනිමින් ඔවුන් මෙලෙස කලඑළි බසින්නේය. “මේක ලංකාවේ ගීතයක් මම හිතන්නේ එහෙම, අපි මහන්සි වෙලා දුවගෙන දුවගෙන යනකොට කොහෙහරි තැනකදී අපිට ඒ දේ ලැබෙනවා
අමිතා භච්චන්ගේ ප්‍රතිචාරය ගැන ඔහු කියන්නේ  “කියාගන්න බැරි සතුටක් ඒ වගේම මට මගේ රට ගැනත් සතුටුයි” යනුවෙන්. ඉතින් ඔහුගේ නවතම ගීතයත් මේ වන විට නිර්මාණය වෙමින් තියෙනවා. නමින් ඔමරි,  මගේ හිතේ 2 ලෙස ඔමරි අළුත් ගීතය මසක් වැනි කෙටි කාලයක් තුලදී එලියට එන්න සුදානමින් ඉන්නවා කියලයි ඔහු කියන්නේ..
සතිෂාන් වගේම මේ ගීතය සමඟ යෝහානිව මුළු ලෝකයම ආදරයෙන් වැළඳගෙන අවසන්. යෝහානිගේ සංගීත ජීවිතෙත් මේක හොදම හැරවුම් ලක්ෂයක්. ඔවුන්ගේ මැණිකේ මගේ හිතේ ගීතයට පෙම් බදින රසිකයන් අතර බොලිවුඩ් සුපිරි තරුවක් වන අමිතා භච්චන් තැබූ සටහන බෙහෙවින්ම කතා බහට ලක්වුණා. ඒ ගැන යෝහානි කියන්නේ මෙහෙම. “ගොඩක් වෙලාවට මගේ ළඟ ෆෝන් එක නැහැ. මම ගොඩක් වෙලාට ඉන්නේ ස්ටුඩියෝ එකේ එහෙම නැත්නම් ගෙදර මියුසික් රූම් එකේ. එදා රෑත් මම ෆෝන් කිසි දෙයක් බලන්නේ නැතුව නිදා ගත්තා. පහුවදා උදේ තමයි දැන ගත්තේ. ඒකත් කණ්ඩායමේ සමාජිකයෙක්ගෙන්. මම පණිවිඩේ දැන ගන්නකොට පරක්කුයි ඒ වෙනකොටත් මට ගොඩක් දෙනෙක් සුභ පැතුම් එක් කර තිබ්බා. ඉතිං හැමෝටම ගොඩක් ස්තුතියි. මේක මගේ සංගීත දිවියේ විශේෂ සන්ධිස්ථානයක්.
ඉතිං බච්චන්ගේ පොස්ටුවට හාර්ට් සලකුණු 3ක් දමමින් යෝහානි රිප්ලයි කරලා. “නිරහංකාරව මම ඒ ගැන සතුටු වෙනවා. ඔහු වැනි ශ්‍රේෂ්ඨ කීර්තිමත් රංගන ශිල්පියෙක් මේ ගීතය රස විදින බව දැන ගන්න ලැබීම මහත් ගෞරවයක්. සංගීත නිර්මාතෘ චමත් සංගීත්, මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් ගායනයට එකතු වන සතීෂාන් පදරචනය දුලාන්ජ අල්විස් සහ ගීතය නැවත නිර්මාණයට සහ බෙදා හැරීමට අවසර දුන්, අනාස්ටත් මගෙත් එක්ක නිරතුරු ඉන්න දුලන්ජන් ඇතුළු පෙටා ඉෆෙක්ස් කණ්ඩායමට මෙහි ගෞරවය හිමි වෙන්න ඕන… කියලත් ඇය පවසනවා.