රට වැහුවට සංචාරකයින්ට රට ඇරලා

0
Picture courtesy: mirror.co.uk
එළැඹෙන තිස්වනදා දක්වා රට අගුළු දා තිබුණද, සංචාරකයන් සදහා රට විවෘතව පවතින බව, සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි සංචාරකයන් මේ වන විටත්, ගුවන් ටිකට්පත් සහ හෝටල් සදහා මුදල් ගෙවා ඇති බැවින්, ඔවුන් අපහසුතාවයට පත් කළ නොහැකි බව අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව, ගුවන්තොටුපල සේවා සහ සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.