කෙහෙළියගෙ පුතාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි පෞද්ගලික ලේකම් තනතුර

0
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නව රැකියාවක් ලබා දී තිබේ.
ඒ අනුව තමන්ට අමාත්‍ය පෞද්ගලික ලේකම් තනතුර ලැබී ඇති බව රමිත් රඹුක්වැල්ල ඒ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර ඇත.
රමිත් රඹුක්වැල්ල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේ එමෙන්ම විවිධ අවස්ථාවල ආන්දෝලනයට ලක්වූ චරිතයකි. ඇමැතිවරයා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතවරිය සමඟ පැවැත් වූ හමුව සඳහා ද රමිත එකතු විය. එය සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ඔහුගේ ප්‍රථම රාජතාන්ත්‍රික හමුව විය.