එන්නත මාත්‍රා දෙකම ගත් අයගෙන් කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවමයි

0
එන්නත මාත්‍රා දෙකම ගත් අයගෙන් කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවමයි
කොවිඩ් වෛරසය මර්දනය සඳහා නිර්දේශිත එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සියයට 65කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
පුද්ගලයකුට කොවිඩ් ආසාදිත වූ මොහොතේ සිට පැය 12කට පසු තවත් පුද්ගලයකුට වෛරසය ආසාදනය කිරීමේ හැකියාව තිබෙන නමුත් ඩෙල්ටා ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයකුට ආසාදනය ඇරඹෙන්නේ දින දෙකක කාලයකට පසුව බවද ඔහු පවසයි.
මෙතෙක් පැවති කොවිඩ් ප්‍රභේද ආසාදිතයකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින තුනක පමණ කාලයක් ගත කළත්, ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින පහමාරත් හයත් අතර කාලයක් ගත කරන බවත් හෙතෙම පැවසීය.
ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය චීනයෙන් සොයා ගත් පළමු වෛරසයට වඩා සිව් ගුණයක්ද ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක්ද වන අතර රෝග පාලනය සහ රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයකි.