දැනට පවතින කොවිඩ් මර්දන සාධක බළකාය විසුරුවා හැර සෞඛ්‍ය අංශවලට වසංගතය මැඬලීමට මූලිකත්වය ලබා දෙන්න- මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පවසයි.

0
දැනට පවතින කොවිඩ් මර්දන සාධක බළකාය විසුරුවා හැර සෞඛ්‍ය අංශවලට වසංගතය මැඬලීමට මූලිකත්වය ලබා දෙන්නැයි සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“මේ වසංගතය පිළිබඳව පූර්ණ වශයෙන් අනාවැකි කිව්වේ සජිත් ප්‍රේමදාස මහතා. ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. අපිත් ඇතැම් වෙලාවට කිව්වා ඔබතුමා ඒ ගැන වැඩිය කතා කරන්න එපා කියලා. එසේ කියද්දිත් මේ රටේ සෞඛ්‍ රැකගන්න පුදුම විදිහට කැපවීමෙන් කටයුතු කරපු නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා.
නමුත් ඒ හැම වෙලාවෙම ආණ්ඩුවට හිතවත් මඩ බළකාය කරේ එතුමාව විහිළුකාරයෙක් බවට පත් කරපු එකයි. එයින් ආණ්ඩුවට වැරදුණා. අද සංඛ්‍යා ලේඛනවලින් බැලුව නම් සජිත් ප්‍රේමදාස කියපු කාරණා අනුගමනය කරානම් යම් දුරකට වෛරසය පාලනය කරගන්න තිබුණ‍ෙ
මොකද අද වන විට කෝවිඩ් මරණ වැඩි ම රටවල් අතරට අපේ රට ඇවිත් තිබෙනවා. ඊයේ දිනයේ මරණ සංඛ්‍යාව මිලියනයකට ප‍්‍රතිශතයක් වශයෙන් බැලුවම අපි ඉන්නේ පළවෙනි ස්ථානයේ. අපේ සමහරු කියනවා නෑ… නෑ… මීට වඩා මැරිච්ච රටවල් තියෙනවා කියලා. ඔව් තියනවා ඇමරිකාව ඉන්දියාව වැනි රටවල් පසුගිය දවස්වල අපි දැක්කේ සුසාන භූමියක් විදිහට. එම රටවල් මේ වනවිට කොරෝනා පාලනය කරගෙන තිබෙනවා.
අපේ රට තිබෙන්නේ මරණ සංඛ්‍යාවෙන් ඉහළ ම තැන. ඒ කියන්නේ රන් පදක්කම් ගත්ත රටක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මැරෙන ප‍්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් පේන්න නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මොහොතේ කියනවා ඔවුන්ගේ උපදෙස් පිළිපදින්නේ නැත්නම් මරණ සංඛ්‍යාව ගැන හිතාගන්න බැහැ කියලා. ඒ ගැනවත් හිතන්න කියලා ජනාධිපතිතුමාට අපි අවධාරණනය කරනවා .
ආණ්ඩුවේ උද්දච්චකම මැති ඇමතිවරුන්ගේ උද්දච්චකම පහළ ඉන්න මැති ඇමතිවරුන්ගෙත් තියෙනව අපි දැක්කා. පාර්ලිමේන්තුවේ මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා කතා කරපු ආකාරය සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ටොසලිෂුමැබ් ඖෂධය නැහැ කිව්වම මේ උන්නැහේ කියනවා තියෙනවා කියලා.
එම නිසා වගකිවයුතු ඇමතිවරයෙක් විදියට විපක්ෂ නායකවරයා යම් දෙයක් ඉස්මතු කරාම ඒ ගැන සත්‍ය තොරතුරු කියන්න ඕන. එය ඇමතිවරයාගේ වගකීම එහෙම නැතුව රස්තියාදුකාරයෙක් වගේ සමච්චලයට මඩ ගහලා වැඩක් නැහැ. ඖෂධ සම්බන්ධ ඇමැතිවරයා වගකීමෙන් කතා කළ යුතුයි. එතුමා කතා කරන ආකාරයට මහාචාර්යවරයෙක් දැයි සැකයක් තිබෙනවා. පැහැදිලිවම අපි කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා දක්වපු පූර්ණ අනාවැකි හැමදේම අද සත්‍ය වෙලා තිබෙන බව.
අපි දැක්කා ඇමැතිවරු දෙන්නෙක් රට වහනවා නම් රාජ්‍ය සේවක වැටුපෙන් 50% ක් ලබා දෙන්න කියනවා. ඊළඟට ඕකට තමයි එන්නේ කියලා අපි දන්නවා වැටුප් ටික ගෙවාගන්න බැරි වෙනවා. රටේ ඉන්ධන ටික නැති වෙන බව අපි දන්නවා. පසුගිය දිනවල ගුරුවරු වැටුප් සම්බන්ධව අරගල කරද්දී මේ අය කෝවිඩ් රැල්ල ගුරුවරුන්ගේ පිට දමන්න හදනවා.
ඊට කලින් මෙම වසංගතය සමාජගත වී තිබෙන බව පිළිගන්න කියලා ආණ්ඩුවට කියනවා. පළාත් අතර සංචරණ සීමා දමන්නේ විද්‍යාත්මක ක‍්‍රමවේදයකට නෙමෙයි පසුගියදා ගොවියෝ උද්ඝෝෂණ කළා. එය සිදු කළේ. කුඹුරේ නියරේ ඒවායෙන් කොරෝන හැදෙන්නේ නැහැ. ගොවියා ගුරුවරයා කැමති නැහැ කොරෝනා හදාගන්න. එහිදී පොහොර ටික නැති කරේ විපක්ෂය ද, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් නුදුන්නේ විපක්ෂයේ අපි ද එම නිසා මෙය තත්ත්වය ගොවියාගේ හෝ ගුරුවරයාගේ පිට පටවන්න කිසිම අයිතියක් නැහැ. ආණ්ඩුව කරන්නේ ගෝඨාභය රාජපක්ෂ පවුලේ වැඩි හරියක් ඇමතිවරු එම නිසා ආණ්ඩුවේ අසාර්ථකභාවය ගොවියගේ ගුරුවරයාගේ පිට දමන්න එපා.
අද කෝවිඩ් මර්දන බළකායේ අද ඉන්නේ පඹයෝ ටිකක්. ඒ අයට මේ වසංගතය මර්දනය කරන්න බැහැ. එම නිසා කෝවිඩ් මර්දන සාධක බළකාය විසුරුවා හරින්න ඕන. එසේ කර සෞඛ්‍ය අංශවලට මෙහි මූලිකත්වය ලබාදිය යුතුයි.