නිරිතදිග මෝසමත් සමඟ ඩෙංගු අවදානමක්

0
නිරිතදිග මෝසමත් සමඟ වැඩිවන ඩෙංගු අවදානමක්
නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීයවීමත් සමග ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
මදුරුවන් බෝවන ස්ථාන හදුනාගෙන ඒවා පවත්වාගෙන යන අයට එරෙහිව අවවාද කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සමග ශ්‍රී ලංකා පොලීසිය එක්ව තිබේ.
පෑලියගොඩ පොලිස් ස්ථානයේ පරිසර කොට්ඨාසයේ මෙහෙයවීම මත මදුරුවන් බෝවන ස්ථාන හදුනාගැනීම සහ ඒවා විනාශ කිරීම සදහා කටයුතු කල ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ සදහා එක්ව සිටින බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.