සයිනොෆාම්වලින් ඩෙල්ටාට සුවිශේෂ රැකවරණයක්. පරේක්ෂණ ප්‍රථිපල ළඟදීම

0
By: අශන්ති වරුනසුරිය
කොරෝනා ප්‍රතිශක්තිකරණ සයිනෝෆාම් එන්නත මගින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුවිශේෂී රැකවරණයක් ලැබෙන බවට දේශීය පර්යේෂණයකින් මූලික අනාවරණයක් සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
දේශීය වශයෙන් සිදුකළ සිදු කළ පර්යේෂණයක ඩෙල්ටා කොරෝනාප්‍රභේදයට සයිනෝෆාර්ම් එන්නත මගින් සුවිශේෂී රැකවරණයක් ලැබෙන බවට අනාවරණය වී ඇති බවත් එම පර්යේෂණ තොරතුරු ඉදිරි සති කිහිපය තුළදී එළිදැක්වීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසීය.
චීනයෙන් ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ විස්ස ඉයෙ දිනයේ සිටම මේ රටේ ජනතාවට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගැනීමට කටයුතු කර ඇති බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසුවේය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා ලක්ෂ පහක් කළුතර දිස්ත්‍රික්කයට ලක්ෂ තුනක්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක්, කුරුණෑගල දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක් හා අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්ක වලට එන්නත් ලක්ෂය බැගින් ලබාදීමට කටයුතු කර ඇත.