හිස්වූ UNP පාර්ලිමේන්තු අසුනට රනිල් ජුනි මසදී

0
picture courtesy: colombogazette.com
By: අශන්ති වරුනසුරිය 
මේ රටේ  පැරණිතම පක්‍ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම පාර්ලිමේන්තු අසුන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හොබවනු ඇති බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේය.
පසුගිය මහමැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි විය. මෙම අසුනට පක්ෂයේ කෙනෙක් නම් කරගත නොහැකිව මාස 09 කටත් වැඩි කාලයක් මේවන විට ගෙවී ගොස් ඇත.
කිහිපවිටකදිම මේ ගැන පක්ෂය තුල කතා වුවත් අවසන් තීරණයකට එළඹුණේ නැත. මේ ප්‍රශ්නය විසඳනු වස් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන  ඇති අතර ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට ඔවුන් එකඟ වී ඇත.
එක්සත් ජාතික පක්ෂ කෘක්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව  හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.