කොරෝනා සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක්

0
By: මේඝා චින්තාමණි 
 
ජුනි සහ ජූලි මාසවලදී ඩෙංගු රෝගය වැඩි වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව තමන් අවට පරිසරය පිරිසිදුව තබාගැනීමට ක්‍රියාකළ යුතු බව සෞක්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය ද පැතිර යමින් තිබෙන බැවින් රෝග ලක්ෂණ මතු වුවහොත් රෝග විනිශ්චය කිරීමට වෛද්‍යවරයකු වෙත යාම සුදුසු බවය.
අපි බියවිය යුත්තේ කොවිඩ් 19 ට පමණක්ද ?
කොවිඩ් 19 රෝගයේ භයානකකම ගැන ආයෙත් අටුවා ටීකා අවශ්‍ය නැහැ . රෝගය නිසා අපිට අහිමි වූ ජිවිත , අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට , ආර්ථිකයට විතරක් නෙමේ, අපට හුරු පුරුදු ජීවන රටාවට එල්ල වූ අභියෝග මෙතකැයි කියා තක්සේරු කල නොහැක.
නොදැනුවත්වම තවත් සතුරෙක් අපිට එරෙහිව අවි අමෝරා සටනට එන්න සුදානමින් සිටින බව සෞක්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඩෙංගු නම ඇසු පමණින් වුනත් අපේ හිත්වල ලොකු තැතිගැන්මක් ඇතිකරන රෝගයක් , 2017 වසරේ ඩෙංගු වසංගතයේ 2017 අමිහිරි අත්දැකීම් බොහොමයකි. සෞක්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය ඩෙංගු සම්බන්දයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.
ඉතින් අයෙත් ඩෙංගු වැඩිවෙලාද ?
ඔව්‍ පසුගිය 2018, 2019 අවුරුදු වලට සාපේක්ෂව අඩු අගයක් වුනත් වැහි කාලය පටන් ගැන්මත් එක්ක අයෙත් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්න පටන් අරන්. මැයි මාසේ මැද වෙනකොට රට පුරා ඩෙංගු රෝගීන් 545 ක් වාර්තා වෙනවා ,අවුරුදු මාසේ ඒ ගණන රෝගීන් 1811… !
කොයි පළාත්වලද ඩෙංගු වැඩිවෙලා තියෙන්නේ ?
නිරිත දිග මෝසම් වැස්ස වැඩිපුර ලැබෙන කොළබ ,කළුතර ,ගම්පහ, රත්නපුර වගේ දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ. කොළඹ මහා නගර සිමාවට අයිති ප්‍රදේශවලත් ඩෙංගු අවදානම ඉහල ගිහින්. සමස්තයක් වශයෙන් ගත්තහම ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම මේ ඩෙංගු අවදානම පැතිරීගෙන යනවා
ඩෙංගු අවදානම වැඩි කොයි වයස් ඛාණ්ඩවල අයටද?
වයස් සිමාවක් නැහැ, හැමෝම ලොකු අවදානමක ඉන්නේ , හැබැයි රැකියාවලට යන එන තරුණ හා මැදි වයස්වල පුද්ගලයින් අතර මේ අවදානම වැඩියි. ඩෙංගු වෙරසය පතුරන Aedes මදුරුවාගේ දෂ්ඨනයකට, බාහිර පරිසරය තුලදී මේ අය නිරාවරණය වීමේ හැකියාව සාපේක්ෂව වැඩියි. හැබැයි තමන් ගේ නිවස තුළදීත් ඩෙංගු මදුරුවාගේ දෂ්ඨනයකට ලක්වෙන්න බැරිකමක් නෑ
අපට ඩෙංගු හැදිලද කියල අපි දැනගන්නේ කොහොමද ?
කාලෝචිත ප්‍රශ්නයක්. COVID -19 වගේම ඩෙංගුත් වෙරස රෝගයක් නිසා, රෝගයේ මුල් අවස්ථාවලදී රෝග ලක්ෂණ බෙහෙවින් සමානයි
ඔබට දින දෙකේ සිට හත දක්වා පවතින උණක්, මස්පිඩු වේදනාවක් , තදබල හන්දි වේදනාවක්, ඇස්යට වේදනාවක්, එහෙමත් නැත්නම් වමනය තියෙනවා නම් ඒ ඩෙංගු රෝගය වෙන්න පුළුවන්
මේ රෝග ලක්ෂණ තිබුනොත් අපි මොකද කරන්න ඕනේ?
දින දෙකක් යනකොට උණ සමනය වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් හැකි ඉක්මනින් ඔබේ පවුලේ වෙද්‍යවරයාගෙන් උපදෙස් ගන්න, නැත්නම් ලගම පිහිටි රෝහලට යන්න.මුල් කාලයේම ඩෙංගු හදුනා ගැනීම හරිම වැදගත් වගේම ඩෙංගු කම්පන තත්වය වගේ බරපතක රෝගී තත්වයන් ඇතිවීමත් ඉන් වැළකෙනවා
ඩෙංගු හැදෙන එකෙන් බේරෙන්න අපිට කරන්න යමක් තියෙනවද ?
ඔව් , මේක රජයටවත් සෞඛ්‍ය අංශවලටවත් තනියෙන් දිනන්න පුළුවන් සටනක් නෙමේ. වගකිවයුතු පුරවැසියෙක් විදියට අපි හැමෝගෙම ක්‍රියාශීලි දායකත්වය හරි වැදගත් !
සංචරණ සිමා නිසා දැන් ගෙදර ගතකරන්න ලැබෙන කාලයත් වැඩියි, ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන සුපරික්ෂාකාරිව හොයල බලලා ඊට පිළියම් යොදන්න අපිට ඕන තරම් කල් තියෙනවා
➤ ගෙදර, ඩෙංගු මදුරුවන් බෝවෙන්න ඉඩ පහසුකම් සලසන වතුර එකතුවෙන ස්ථාන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න
➤ වැහි පිහිලි , ගෘහාලංකරණයට තියෙන වතුර පිරුනු පොකුණු සතියකට දෙපාරක්වත් සුද්ධ පවිත්‍ර කරන්න අමතක කරන්න එපා
➤ පොල්කටු, වතුර එකතු විය හැකි ඉවතලන භාජන, විනාශ කරන්න, නැත්නම් වතුර එකතු විය නොහැකි තැනක ගබඩා කරන්න නිසි පරිදි බැහැර කරනකන්
➤ ගෙදර ශීතකරණයේ සහ විසිතුරු මල්බදුන්වල තැටිවල එකතුවෙන වතුර නිතිපතා ඉවත් කරන්න.
➤ ක්‍රියාත්මක වෙන සංචරණ සිමා එක්ක එලියට පහලට බහින්න බැරි වුනත්, ගෙමිදුලේ නිදහසේ ඉන්නකොට හරි, ගේ ඇතුලේ දුවාදරුවන් එක්ක ගතකරන කොට හරි අනුමත මදුරු විකර්ශකයක් ශරීරයේ නිරාවරණය වෙන තැන්වල් ගලවන්න. ඩෙංගු මදුරුවා දෂ්ඨනයේ යෙදෙන උදේ 6ත්- 9ත් හවස 3ත් 7ත් අතර කාලයේ එලිපහලියට යනවනම් ශරීරය වැහෙන්න ඇදුමක් අදින්නත් අමතක කරන්න එපා
ඔබ අපි කවුරුත් හොදටම දන්නා විදියට අපි ගෙවමින් ඉන්නේ බොහොම අභියෝගාත්මක කාලයක්. කොවිඩ් වසංගතේ උඩට තව ඩෙංගු වසංගතේකුත් ආවොත් දැනටමත් වෙහෙස අපේ සෞඛ්‍ය පද්ධතියට එක දරාගන්න බැරි වේවි.
ඉතින් ඔබේ පුරවැසි වගකීම ඉටුකරන්න!
ඔබේ අවට පරිසරයේ පවිත්‍රතාවය ගැන සබුද්ධික වන්න !
ඩෙංගු මැඩලීමේ ජාතික කර්තව්‍යයේ ක්‍රියාකාරී කොටස්කරුවෙක් වෙන්න!
ඩෙංගු පරදමු , ජිවිත සුරකිමු!