අපේගම පරිශ්‍රය යළි විවෘත කිරීමට සූදානම්

0
සෞඛ්‍ය නිර්දේශ මත බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ඉදිරි දින කිහිපය තුළ ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට සූදානම් කර ඇත.
ඒ අනුව අපේ ගම පරිශ්‍රයේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලාල් කුලරත්න මහතා  පැවසුවේ පසුගිය යහපාලන රජය සමයේදී නිසි ලෙස නඩත්තු නොකිරීම සහ කොරෝනා වෛරස් හේතුවෙන් අපේ ගම පරිශ්‍රය තාවකාලිකව වසා දැමූ බවය.
එය විවෘත කිරීම සදහා මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලැබීමට නියමිත බවද ඔහු පැවසුවේය. ඒ අනුව අපේගම පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් කඩුවෙල මහනගර සභාව ඇතුළු ආයතන කිහිපයක සහායෙන් පැවැත්වා ඇත