පාසල් සුරක්ෂිතයි

0
By: අශන්ති වරුනසුරිය
බස්නාහිර පළාතේ හැරෙන්නට අනෙකුත් පළාත්වල සියළුම ශ්‍රේණි සඳහා හෙට සිට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ. දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව හෙට (14) සිට ආරම්භ කෙරෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 වන ශ්‍රේණිවල පමණක් අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වේ.
 පාසල් සුරක්ෂිත භාවයන් ගැන ගැටළුවක් නොකර දරුවන්ව භය නැතුව පාසල් එවන ලෙසත් මිනුවන්ගොඩ කොවිඩ් තිබියදීත් සාර්ථකව ශිෂත්ව විභාගය සිදු කල බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ කලාප අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ අධ්‍යක්‍ෂවරුන්, පළාත් මට්ටමේ සිට පාසල් වල සෞක්‍ය මාර්ගෝපදේශන උදෙසා නිසි වැඩ පිළිවෙලක් සුදානම් කර ඇති බවය. දුරසිමා පවත්වාගෙන යාම, දෑත් පිරිසිදු කිරීම් මෙන්ම පාසල් ආරම්භ කිරීම වෙනුවෙන් සියලු පාසල් විෂබීජානුහරණය කිරීම අද සිදු කෙරේ. ප්‍රයෝගිකව සියලු දෙනා මේ වන විට දැනුවත් බවද මතක් කල ලේකම්මේවරයා දරුන්වට ආරක්‍ෂිත ක්‍රමවේදයක් සකස් කර ඇති බවද මතක් කළේය.
සෞභාග්‍යයේ දැක්ම යටතේ අධ්‍යාපන උදෙසා සැලසුම් කර ඇති සැලසුම් තවත් කල් නොදමා සිදුකල යුතු බවද අභියෝගය අවස්ථාවක් කර ගෙන කටයුතු කල යුතු බවද පැවසුවේය.
රටක අධ්‍යාපනය යනු සෞභාගයේ එක් නිර්ණායකයක් බවත් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහල නැංවීමට ඩිගිටල් වේදිකාව, නගර ආශ්‍රිත විශ්ව විද්‍යාල සෑදීම, ආදී ලෙස තවත් වැඩපිළිවෙල් රාශියක් ඉදිරියේදී ඉටු කල යුතු බැවින් ඒවා කල් නොදමා රටේ සෞභාග්‍ය වෙඋවෙන් සිදු කල යුතු බවද පැවසිය.
ශිෂ්‍යත්වය සහ අපොස උසස් පෙළ විභාග කල්දැමීම සම්බන්ධයෙන් පළවන පුවත් අසත්‍ය බවයි. ඒ පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව ද ඔහු සඳහන් කළේය.