රක්ෂිත වල වගා කිරීම් නිරීක්ෂණයට හමුදාව

0
රක්ෂිත ආශ‍්‍රිතව කලක් තිස්සේ හේන් ගොවිතැන ඇතුළු වගා කටයුතු කළ ගොවීන්ට පසු කාලීනව සිදුකළ මැනුම් කටයුතු හේතුවෙන් සිදුව ඇති අසාධාරණය නිවැරදි කිරීම අරමුණ කොට ගෙන රක්ෂිත වල වගා කිරීම් නිරීක්ෂණයට හමුදාව යෙදවීමට කටයුතු යොදා ඇත.
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක පවසන්නේ කලක් තිස්සේ ගොවිතැන් සිදුකළ ගොවීන්ට තම සුුපුරුදු භූමිවල වගා කටයුතු සිදුකිරීම සඳහා මේවනවිට අවසර ලබා දී ඇති බවය. මෙම අවසරය ලබාදී ඇත්තේ වන රක්ෂිත ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල පිහිටි ලදු කැලෑ ආශී‍්‍රතව බව ද අමාත්‍යවරයා පවසයි.
ගොවීන්ට මෙම අවසරය හිමිවන්නේ දැඩි සීමා කිරීම් මධ්‍යයේය. රක්ෂිත ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල ගොවිතැන් සිදුකරන පිරිස් සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාවේ ද සහය ඉල්ලා ඇත. ඒ සඳහා ඩ්‍රෝන යානා, යොදා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.