PCRටෙන්ඩර් ,CID සහ SIS පරීක්ෂණ

0
ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියක් නොමැතිව රුපියල් මිලියන 38ක් වටිනා පී.සී.ආර්. කට්ටල තොගයක් සඳහා මුදල් ගෙවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
එම ටෙන්ඩර්වලට අත්සන් තැබීමට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත යොමුකර ඇතත්, ඔහු එම ටෙන්ඩර් දෙකකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය, වෛද්‍ය පර්‌යේෂණ ආයතන (MRI) ඇතුළුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හැටහත් දෙනකු (67)ගෙන් ඊයේ (17 වැනිදා) වන විට මේ පිළිබඳ ප්‍රකාශ ලබාගෙන අවසන් කර ඇති අතර වත්මන් ‍‍සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන්ද මේ සම්බන්ධ ප්‍රකාශ ලබා ගෙන ඇත.
රුපියල් දෙදහසකට මිලදී ගත හැකි පී.සී.ආර්. කට්ටලයට රුපියල් හාරදහසක් (4000) ගෙවමින් අදාළ සමාගමට මෙසේ ටෙන්ඩරය ලබාදී තිබේ. රුපියල් මිලියන 10ට වඩා වැඩි ටෙන්ඩර් කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කළ යුතු වුවත් දූෂිත නිලධාරීන්ගේ කල්ලිය ටෙන්ඩර් පටිපාටියෙන් පිට මෙම මුදල් නීතිවිරෝධී ලෙස ගණකාධිකාරිවරයාගෙන් ලබාගෙන ඇතැයිද සඳහන් වේ.
ජනාධිපතිවරයාට රාජ්‍ය ඔත්තු සේවාව (SIS) ලබාදුන් බුද්ධි වාර්තාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන සිදු කෙරේ.