සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු – සතියේ සෞක්‍ය විග්‍රහය

0
picture courtesy: travaltriangle.com

By: මේඝා චින්තාමණි

පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණ ඇත. මෙලෙස පැමිණෙන සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එලෙස ‍නිසි අධීක්ෂණයකින් තොරව විදෙස් සංචාරකයින් කැඳවීමෙන් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එමෙන්ම සංචාරක මාර්ගෝපදේශ, සංචාරක බුබුළු කිසිවක් ක්‍රියාත්මක නොවන බවද ඔහු අවධාරණය.

පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණ ඇත. මෙලෙස පැමිණෙන සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එලෙස ‍නිසි අධීක්ෂණයකින් තොරව විදෙස් සංචාරකයින් කැඳවීමෙන් රට නැවතත් අනතුරුදායක තත්ත්වයකට පත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එමෙන්ම සංචාරක මාර්ගෝපදේශ, සංචාරක බුබුළු කිසිවක් ක්‍රියාත්මක නොවන බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ඔවුන්ගේ දත්ත වලට අනුව ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම් ද නතර වී ඇත. එවන් තත්වයකදී කොවිඩ් ආසාදිතයන් සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු මරණ අඩු බවට සංඛ්‍යා ලේකනහි සටහන් වීම කෙතරම් දුරට ප්‍රයෝගික දැයි ගැටලුවකි.
සංචාරකයින් නියාමනය කළ යුතු බවට සෞක්‍ය අංශ පවසද්දී සංචාරකයින්ට පනවා ඇති රෙගුලාසි තවත් ලිහිල් කරන්නැයි සංචාරක මණ්ඩලයේ සභාපතිනි ක්‍රිමාලි ඉල්ලීමක් කළාය. යුක්රේනයට ගොස් සිටින අවස්ථාවේදී ඇය මෙම ඉල්ලීම කලත් මෙතෙක් ඒ සඳසංචාරකයින්ගේ නිරෝධායන කටයුතු සෞක්‍ය අමාත්‍යංශය නිල වශයෙන් පිළිතුරක් ලබා දී නැත. නමුත් සෞක්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ එම අනුමැතිය ලබා දීමට සියල්ල සුදානම් බවය. කෙසේවෙතත් අප කළ විමසීමේදී සභාපතිනී යුක්රේනයේ සිට පැවසුවේ තමන්ගේ ඉල්ලීම සාධාරණ බවත් රටේ ආර්ථිකය ගැන සිතා එම ඉල්ලීම සිදු කළ බවය.
මේ වන විය යුක්රේනය, රශියාව ඇතුළු කොවිඩ් වැඩිවූ තවත් බොහෝ රටවලින් සංචාරකයින් ගෙන්වීමට පස් අවුරුදු සැලැස්මක් රජය විසින් සකස් කරමින් සිටී. එහිදී තව දුරටත් සංචාරක රෙගුලාසි ලිහිල් කිරීමට ද පසුගියදා අවධානය යොමු වී තිබිණි. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යුක්රේනයට ගොස් සුදානම් කළේද තවත් සංචාරක සැලැස්මකි. එමෙන්ම ලංකාවට පැමිණෙන සංචාරකයින් බොහොමයක් තමන්ගේ කුඩා දරුවන්ට කොවිඩ් පරික්ෂාවන්ට යොමු කර ලීමට අකමැත්ත පළ කිරීම නිසා ඔවුන්ගේ පීසීආර් කටයුතු නතර කිරීමට ද රජයේ අවධානය යොමු වී තිබේ.
සංචරණ සීමා, නිරෝධායන ඇඳිරි නීතිය ආදී ලෙස විවිධ නම් වලින් රට වසා දැමීම සිදු කළත් කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සිදු වෙද්දී ජනතාව ද නන් අයුරින් විඳී සරණ බව නොයෙක් අවස්ථාවන්හිදී දක්නට තිබිණි. රටේ සංචාර නීති අස්සෙන් ජනතාව රිංගද්දී අප කළ විමසුමට පිළිතුරු දෙමින් ආරක්ෂක  ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකශ කළේ “අපිට ඉන්නේ මානුෂීය හමුදාවක් යන්නය”. පසුගිය කාලයේදී පොලිසියෙන් නිරෝධායන නීති කඩන්නන් කුදලන් යන තත්වයක් දක්නට තිබිණි. මෙහිදීද මානව හිමිකම් කඩවන බව බවට සමහර පාර්ශව චෝදනා කළේය
විපක්ෂය මෙන්ම බොහෝ දෙනා  ආණ්ඩුවේ බල අරමුණු වෙනුවෙන් මෙම වචන භාවිත වීම පමණක් සිදුවන බවට මත, විවේචන පළ කරති. මේවන විට පීඑච්කෙඅයි වරුන් මෙන්ම සෞක්‍ය අංශ බොහොමයක් පවසන්නේ තවත් කොවිඩ් රැල්ලක් අත ළඟ බවය. සෞක්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසුවේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසටය.
එවන් කතා බහකදී ලෝකය එන්නත් තුන් වන මාත්‍රාවකට ද යමින් සිටී. එහිදී පවතින එන්නත් වල ඔරොත්තු දීමේ හැකියාව ද විවේචනයට ලක් වෙමින් තිබේ. විවිධ පරීක්ෂණ විවිධ රටවලත් අපේ රටෙත් සිදු වෙද්දී අපද සියල්ල ගැන ඇහැ ගහගෙන සිටිමු. කොවිඩ් එක්ක ලංකාවේ ඩෙංගු වැඩි වෙමින් තිබේ. ලෝකයේ ඒඩ්ස් මෙන්ම විවිධ අසාදන ප්‍රබේද වර්ධනය වෙද්දී ඒවාට අලුත් නම් තබමින් WHO ද පරීක්ෂණ කරමින් සිටිති. පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීම කටයුතු සම්පාදනය වී තිබේ.
ආර්ථිකය නිසාවෙන් රට අරිද්දි සියල්ල සමබරව ඉටු කරගැනීමම අවශ්‍ය නිසා සෞක්‍ය පුරුදු නිසි ලෙස පිළිපදින්නැයි ද සෞක්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් පැවසුවේය. කොවිඩ් ඕනෑම ගැටළුවක් වෙනුවෙන් 1999 අංකයට කතා කිරීමේ හැකියාව ඇත. එම අංකය පැය 24පුරාම ඕනෑම භාෂාවකින් ඔබට අවශ්‍ය උපදේශන ලබා දීමට බැඳී සිටියි.
එන්නත්කරණය ගැන විවිධ පාර්ශව බොහෝ දේ පවසමින් සිටිති. එහිදී ඕමල්පේ සෝභිත හිමි පවසන්නේ පරික්ෂ නොකළ එන්නතක් දරුවන්ට දී දරුන්ව බිල්ලකට නොගන්නා ලෙසටය. එමෙන්ම එන්නතේ අතුරු අභාධ ගැනද උන්වහන්සේ පැවසුහ. කෙසේවෙතත් රට නැවත විවෘත කර බව රජය මේවන විට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව 21න් පසු නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වනු ඇත.
ජනතාවගෙන් බහුතරයට එන්නත් මාත්‍රා දෙකම ලබා දීම දඩමීමා කර ගනිමින් රට විවෘත වේ. සංචාරක කටයුතු යසට කිරීමට කිරීමටත් සියල්ල සුදානම්ය. ඒ අස්සේ කොරෝනා සිව්වන රැල්ලක් ගැන සෞක්‍ය අංශ අනතුරු අඟවමින් සිටී. සමස්ත කොවිඩ් ආසදිතයින්ගේ ගණන ලක්ෂ 5ට සමීප වෙමින් තිබෙන වකවානුවක අප නැවතත් මතක් කර දෙන්නේ “කොවිඩ් වසංගතය වසන්තයක් නොවන බව” සිහි තබා ගත යුතු බවය. තම හිසට තම අත සේ ඔබේ ආරක්ෂාව සලසාගෙන පරිස්සම් වෙන්නයි The Sunday Reader අපි ඔබෙන් ඉල්ලමු.