ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ සිය ධූරයෙන් විශ්‍රාම ගෙන

0
picture courtesy: menafn.com
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ  මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගෙන ඇත. ඔහු විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාද වේ. මේවන විට 60වන වියේ පසුවන ඔහු විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (13) ඔහු තම තානාපති ධූරයට සමු දී ඇමරිකාවෙන් ලංකාව බලා පිටත්වී ඇති බවද වාර්තා වේ. ඔහු එසේ ඇමරිකාවෙන් පිටත්වීමට පෙර ඇමරිකාවේ ඉහළ නිළධාරින් කිහිප දෙනෙක්ම හමුවී තමන්ගේ ස්තුතිය ඔවුන්ට පිරිනමමින් ඔවුන්ට සමු දී ඇතැයි පැවසේ.
වයස අවුරුදු 60 ඉක්මවූ බොහෝ දෙනෙක් තවම සිය සේවය ලබා දෙන බව අප අමුතුවෙන් කිව යුතු නැත. එසේ තිබියදීත් රවිනාත් මහතා 60දීම විශ්‍රාම යෑම කිසිවෙකුගේ අතපෙවීමක් ද යන්න කතාබහට ලක් වමින් තිබේ.
කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව සැල වූයේ අමාත්‍යංශයේ ඉහළ පුටුවක සිටින්නෙකුගේ අකමැත්ත නිසා සේවා කාලය දිගු නොකර විශ්‍රාම ලබා දී මෙලෙස කැඳවීමට තීරණ වී ඇති බවය.