නූතන වැඩ ලෝකයට ගැලපෙන ඒකාබද්ධ කම්කරු නීති පද්ධතිය සකස් කිරීම සදහා මහජන අදහස් විමසීම ඇරඹේ

0

හැමදාම දුගී බවේ ඉන්න කම්කරුවා වෙනස් කරනවා

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

දැනට පවතින කම්කරු නීතියේ පවතින ගැටලු ප්‍රශ්න හදුනාගෙන, ඩිජිටල් වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා සියලුම පාර්ශවල අදහස් ලබාගැනීම සදහා පුළුල් වේදිකාවක් සකස් කර ඇති බවත්, ඕනෑම අයෙක්ට මෙම වේදිකාවට පැමිණ අදහස් දැක්විය හැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන මහජන අදහස් විමසීමේ වැඩපිළිවෙල අද (03) දින ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

මේ රටේ කම්කරු නීතිය වසර ගණනාවක් පරණ, නූතන ලෝකයට නොගැලපෙන නීතියක් බවට බොහෝ දෙනා අදහස් දක්වන්න වුනා. ලෝකයේ ආර්ථිකය වේගයෙන් සංවර්ධනය වෙද්දී, කලාපීය රටවල් වේගයෙන් සංවර්ධන ඉලක්ක කරා ගමන් කරද්දී, අපේ රටේ ආරයෝජනය සදහා සුදුසු වටපිටාවක් සකස් කරද්දී, ව්‍යාපාර කටයුතු කරන විට බලපාන ගැටලු රැසක් තිබෙනවා. අපේ රටේ කම්කරු ප්‍රජාවට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේදී නො යෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. බොහෝ කාලයක් ගත වෙනවා. ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධයෙනුත් වත්මන් කම්කරු නීතිය සම්බන්ධයෙන් නොයෙක් ගැටලු ඇතිවී තිබෙනවා. නූතන ලෝකයට ගැලපෙන ආකාරයට කම්කරු නීතිය වෙනස් කිරීමට, 2048 දී මේ රට දියුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගැනීමේදී කම්කරු ක්ෂේත්‍රෙය්ත් වෙනස් කම් කළ යුතු වෙනවා.

ඩිජිටල් ලෝකයට යද්දී, අලුත් ශිෂ්ඨාචාරයට යද්දී ඒකට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ නිසා පවතින කම්කරු නීතිය වෙනුවට අලුත් කම්කරු නීතියක් ගෙන ඒමට කටයුතු කරන්නේ. මේක තියෙන නීතිය සංශෝධනය කිරීමක්වත්, තියෙන කම්කරු නීතියේ කොටස් එකට එකතු කරලා හැදීමක් නෙමෙයි. රටක් විදියට, කර්මාන්ත විදියට, ආයෝජකයින් විදියට රැකියා අයිතිවාසිකම් සුරක්ෂා කරන්නේ කොහොමද, සේවකයින්ගේ රැකියා කිරීමේ හැකියාවන් වර්ධනය කිරීම ගැනත් අවධානය යොමු කරමින් මේවා ගෙන ආ යුතුයි.

කම්කරු ඇමැතිවරයා ලෙස මම පත්වෙද්දී, කම්කරු ක්ෂේත්‍රයට ගහලයෙක් ඇවිත් තියෙනවා, කම්කරු ඝාතකයෙක් ඇවිත් කියලා කිව්වා. සාම්ප්‍රදායික, මැයි දිනයට පාව්චි කරන, අනික් දවසට අමතක කරන, හැමදාම දුගී බවේ ඉන්න කම්කරුවා වෙනස් කරනවා. ඩිජිටල් ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක්, ඩිජිටල් ලෝකයට ගැලපෙන වැඩකරුවෙක් නිර්මාණය කිරීමට තමයි අපි වැඩ කරන්නේ. හැමදාමත් දේශපාලනික අවශ්‍යතාවයන්ට පාවිච්චි කරන්න තියාගත්ත කම්කරුවා, මැයි දිනයේදී කතා කරලා අමතක කරන ක්‍රමය අපි වෙනස් කරනවා. අපේ ශ්‍රමිකයා තවදුරටත් දේශපාලන අතකොලුවක් බවට පත් කරගැනීමට ඉඩ නොදී ගෞරවනීය ශ්‍රමිකයෙක් බවට පත් කිරීමට, වෘත්තීයේ ගරුත්වය ලබාදීමට, වැඩපොලේ ආරක්ෂාව ලබාදීමට, කාන්තාවන්ට වැඩ කිරීමේ අයිතිය ලබාදීමට, කාන්තාවන්ට, ආබාධිත අයට, විවිධ ලිංගික ක්ෂේත්‍රය නියෝජනය කරන අයට අවකාශය ලබාදීමට ඇතුලත් කරගත්, ලෝක කම්කරු සංවිධානය පිළිගන්න අලුත් වැඩපිළිවෙලක්, අලුත් නීතියක් අපි හදනවා.

අපිට මොන චෝදනා ආවත් ඉන්ෆල්ක්ස් වැඩසටහන යටතේ නීතිය අලුත් කිරීමට අදහස් යෝජනා පුළුල්ව ලබාගැනීම තමයි අපි ආරම්භ කළේ. සාමාන්‍යෙයන් මේ වගේ දෙයක් පටන්ගන්නා විට, වෘත්තීය සමිතිවලින් විතරක් අහලා කළාම හරි කියලා හිතනවා. ලංකාවේ වෘත්තීය සමිති නියෝජනය කරන වගේම වෘත්තීය සමිති නියෝජනය නොකරන පිරිස අතරේ ලොකු වෙනසක් තිබෙනවා. මේ රටේ ඕනෑම වෘත්තියක් කරන, වෘත්තීය සමිතියකට සම්බන්ධ, සම්බන්ධ නොවන, කාන්තාවන්ට, විවිධ පාර්ශවවලට, අයිතීන් ගැන කතා කිරීමට ඉදිරිපත් නොවන අයට පවා තමන්ගේ අයිතීන් ගැන වේදිකාවක් තමයි අපි හදන්නේ. ඉන්ෆ්ල්ක්ස් වේදිකාවට ඕනෑම අයෙටක්ට ඇවිත් අදහස් දක්වන්න පුලුවන්. කම්කරු අමාත්‍යාංශයට ඊමෙල්, දුරකතන ඇමතුමක් දෙන්න. ඒ යෝජනා සැලකිල්ලට අරගෙන ක්මකරු නීති වෙනස් කිරීම සදහා වන කෙටුම්පතක් හදලා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, නීති කෙටුම්පත් අංශයට, පාර්ලිමේන්තුවට, අධිකරණයට ගිහින් රටේ සියලු ජනතාවගේ එකගතාවයෙන් නූතන ලෝකයට ගැලපෙන කම්කරු නීතියක් සකස් කිරීම සදහා මේ වැඩපිළිවෙල ආරම්භ කරනවා.

මේ වේදිකාවට ඇවිත් කම්කරු ක්ෂේත්‍රය ගැන අදහස් දක්වන්න කියලා අපි ඉල්ලනාවා. සියලු දෙනාගේම අදහස් ලබාගැනීමට අපි සූදානම්. වෘත්තීය සමිතිවලට සම්බන්ධ නොවන අයට, විද්වතුන්ට මේ වේදිකාව විවෘතයි.

කම්කරු නීතිය වෙනස් කිරීම සදහා වන අදහස් ලබාගැනීමේදී කිසිදු සීමාවකින් තොරව අදහස් ලබාගැනීමට සූදානම්.

……………………………………………………………………………………………………………………………………………………………………………………………..

புதிய தொழில் சட்டத்தை தயாரிப்பதற்கு சகல தரப்பினரினதும் கருத்துக்கள் ஆலோனைகள் பெற்றுக்கொள்ளப்படும் என அமைச்சர் கௌரவ மனுஷ நாணயக்கார அறிவிப்பு

பல ஆண்டுகாலம் பழமைவாய்ந்த நாட்டின் தொழில்
சட்டத்திற்குப் பதிலாக , நவீன உலகத்திற்கு ஏற்றதும்
தொழிலாளர்களின் நலன்களுக்கும்  உரிமைகளுக்கும் முக்கியத்துவம் அளிக்கும் வகையில் புதிய தொழில் சட்டம் தயாரிக்கப்படவுள்ளதாக, தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் கௌரவ மனுஷ நாணயக்கார தெரிவித்தார்.

தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சில் இன்று (04) நடைபெற்ற ஊடகவியலாளர்களுடனான சந்திப்பில்,
“2048 ஆண்டில் வெற்றி பெறுவோம் என்ற ஜனாதிபதியின் தொலை நோக்குடனான நாட்டின் அபிவிருத்தி இலக்கை எட்டும்   வகையில் மேற்கொள்ளப்படும் இந்த சட்ட கட்டமைப்புக்கு தொழில் சங்கங்கள், புத்திஜீவிகள் சமூக அமைப்புக்கள், தொழில் சங்கங்களில் அங்கத்துவம் வகிக்காதவர்கள்   உள்ளிட்டோரின் கருத்துக்களையும் ஆலோசனைகளையும் பெற்றுக்கொள்ளவுள்ளோம் என்றும் அமைச்சர் குறிப்பிட்டார்.

இந்த சட்டம் குறித்து நாம் குறிப்பிட்ட போது, வழமை போன்றே எதிர்க்கட்சியைச் சேர்ந்த சிலர் குறை கூறினர். இவர்கள் எப்பொழுதும் பிரச்சினைகளை ஏற்படுத்தும் நடவடிக்கைகளில் ஆர்வம் காட்டுகின்னறனர்  என்றும் அமைச்சர் கூறினார்.

தொழிலாளர்களின் உரிமைகளை பாதுகாப்பதுடன் அவர்களின் கௌரவத்தையும் பாகாத்து, சர்வதேச தொழில் அமைப்பு ஏற்றுக்கொள்க்கொள்ளக்கூடிய புதிய தொழில் சட்டத்தை உருவாக்குவதுடன் தொழில் துறைகளில் ஈடுபட்டுள்ள பெண்களின் பாதுகாப்பு அவர்களின் உரிமை , விசேட தேவைகளை கொண்டுள்ளவர்களின்     உரிமையையும்   உறுதி செய்வதும் எமது நோக்கமாகும்.  மே தினத்தில் மாத்திரம் தொழிலாளர்களின் உரிமைக்காக குரல் எழுப்பாது அவர்களின் நீடித்த நலனை இலக்காகக்கொண்டு நாம் செயல்பட்டுகின்றோம்  என்றும் தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் கௌரவ மனுஷ நாணயக்கார மேலும் தெரிவித்தார்.