පුද්. අංශයේ විශ්‍රාම වයස 60 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

0
පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සකස් කරන ලද මුලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳව අධ්‍යනය කිරීමේ කමිටුවේ දී තවදුරටත් සාකච්ඡා කර තිබේ.
එම කමිටුවේ තීරණය පරිදි වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.