ආණ්ඩුව රසායනික පොහොර බෙදයි

0
picture courtesy: istockphoto.com
පොහොර ප්‍රශ්නය විසදමින් ඊට යාන්ත්‍රණයක් සකස් කර තිබෙන බවත් නම්‍යශීලි ආණ්ඩුවක් ලෙස මෙම ගැටළු දෙස ඉතාමත් සංවේදීව බලන බවත් ජන මාධ්‍ය අමාතවරයා පැවසුවේය.
ඒ අනුව පොහොර බෙදා හැරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත. එම වැඩපිළිවෙලට අනුව පොහොර බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබෙන බවත් පොහොර බෙදා හැරීමේ දිනය සම්බන්දයෙන් ඉදිරියේදී මහින්දානන්ද ඇමති විසින් දැනුම් දෙනු ඇතැයි ද ඇමති ඩලස් අලහප්පෙරුම පැවසුවේය
අදාල ක්‍රම වේදය යටතේ දිවයින පුරා රාසයනික පොහොර සමව බෙදා හැරීමේ හැකියාව ඇති බවද ජන මාධ්‍ය ඇමති පැවසුවේය. ඒ අනුව ඔක්තෝම්බර් 15 වන විට රටටම උවමනා පොහොර බෙදා හරින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
කාබනික ගොවිතැන ජනාධිපතිවරයා ඉතාම සද්භාවයෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බවත් එහෙත් කොවිඩ් වසංගතය නිසා එය ජනතාව අතරට ගෙන යාමට අවසනාවන්ත ලෙස ආණ්ඩුවට නෙහෙැකි වූ බව ද ඇමැතිවරයා පැවසුවේය.