ඉන්දීය යුද හමුදා ප්‍රධානියා දිවයිනට පැමිණීමට නියමිතයි

0
Picture courtesy: news24.lk
දින පහක සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ පස්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද සමඟ මෙරටට පැමිණීමට නියමිතය .
ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සිය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු රජයේ ඉහළම ප්‍රධානීන් හමුවීමට නියමිත බවයි යුධ හමුදාව නිවේදනය කල තිබේ
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා පිටව ගොස් සතියක් ගතවීමට ප්‍රථම එරට හමුදා ප්‍රධානියා මෙරටට පැමිණීම විශේෂත්වයක් වන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය වන මිත්‍ර ශක්ති නිරීක්ෂණය සඳහාද මනෝජ් මුකුන්ද් සහභාගි වනු ඇති.