අලි ඇතුන් මුල් අයිතිකරුවන් දීමට විරෝධය පළ කරමින් ඉෂිනි ඉවත් වෙයි

0
ශාන් වික්‍රමසිංහගේ දියණිය ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව වනජීවී ඇමති විමලවීර දිසානායක මහතා පවසයි.
දැනට රජය විසින් රඳවාගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත ලබාදීමට රජය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් ඇය විරෝධය දැක්විය. ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති දියණියකි.
දෙහිවල සත්වෝද්‍යානයේ අලි දන්වැල් වලින් නිදහස් කිරීම පින්නවල ඇතුළු අනෙක් අලි අනතාගාර වල ද අලි ඇතුන්ගේ සුභ සාධනය උදෙසා ඇය කල මෙහෙයක් ද ඇත. අලි ඇතුන් මෙන්ම අනෙක් සතුන්ගේද සුභ සාධනය වෙනුවෙන් ඇය වැඩසටහන් ගණනාවක්ම දියත් කළ අයුරු දැක ගත හැකි විය.