දඹානෙ 1200කට පමණ කොවිඩ්

0
By: අශන්ති වරුනසුරිය 
දඹානේ වැදි ජනතාව අතරින් 1200කට ආසන්න පිරිසකට කොවිඩ් රෝගය වැළඳි ඇති බව පැවසේ.
පවුල් 46ක සාමාජිකයන්ට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බව වැදි නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා පවසයි
කෙසේ වෙතත් වසංගතය දඹානේ පැතිරී යාම ආරම්භ වූ මොහොතේ සිට වෛද්‍ය කණ්ඩායම් දිගින් දිගට ම දඹානට පැමිණෙමින් ඒ පිළිබද සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර සෞක්‍ය උපදෙස් ලබා දී ඇත. මේවන විට ඔවුන්  සියලු දෙනා නිවෙස් නිරෝධායනයට යොමු කොට ඇත.
කොවිඩ් රෝගය හේතුවෙන් වැදි නායකයාගේ බිරිය ද පසුගියදා මිය ගියේය. ඇයට වකුගඩු ආශ්‍රිත රෝගයකින් දිගු කාලීනව පීඬා විඳි අතර රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගියේය.