ලංකාවේ අහාර හිඟයක් නැහැ

0
රටතුල සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රවය හිඟයක් උද්ගතව ඇති බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබේ. ඒ අනුව විදේශීය මාධ්‍ය ලංකාවේ බරපතළ අහාර හිඟයක් හට ගෙන ඇතැයි වාර්තා කරමින් සිටී.
 මෙලෙස පැතිරෙන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නැති බවත් ජනතාවගේ ඉල්ලුමට අනුව සැපයුම සපුරාලීමට ප්‍රමාණවත් අහාර ද්‍රවය තොග රජය සතුව පවතින බව ආණ්ඩුව පවසයි.
මෙම වාර්තා වල කිසිදු පදනමක් නැති බවත් සමහර විපක්ෂ දේශපාලකයින් අසත්‍ය ප්‍රචාරය කරන බවත් ඇතැම් කුඨ වෙළෙන්දන් පසුව වැඩි මිළට විකිණීමේ අරමුණින් වී සහල් සීනි ඇතුළු අතවශ්‍ය භාණ්ඩ තොග වශයෙන් සඟවා තැබීමෙහි නිරත වන බවට තොරතුරු ලැබෙන බවත් ඔවුන්ගේ ප්‍රයත්න පරාජය කිරීමට මහජන ආරක්ෂක පනතත් අත්‍යාවශ්‍ය අහාර ද්‍රවය සම්පාදනයට අදාළ වගන්ති පසුගිය සඳුදා බලාත්මක කල බව රජය පවසයි.
සැඟවූ ආහාර ද්‍රවය තොග අත්අඩංගුවට ගෙන සාධාරණ මිලට බෙදා හැරීම සඳහා සතොස ඇතුළු රාජය ආයතන කටයුතු කරන බවද රජය පවසයි.