එන්නත් නව ප්‍රභේද වලට ඔරොත්තු නොදෙන බවට ලෝකයේ කතා බහක්

0
By: මේඝා චින්තාමණි 
ලොව පුරා පැතිරෙන නව SARS-CoV-2 ප්‍රභේදයට එරෙහිව නිර්මාණය කරන ලද COVID-19 එන්නත් වල සාර්ථකභාවය පිළිබඳව බහරේනය පරීක්ෂණ සිදුකර ඇත. ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව ඔවුන් පවසන්නේ දැනට පවතින එන්නත් අතර විශේෂයෙන් සිනෝෆාම් නව ප්‍රබේද වලට ඔරොත්තු නොදෙන බවය.
කොවිඩ් වලට එරෙහිව ජනතාවට ලබා දීමට නිකුත් වූයේ ඇස්ට්‍රා-සෙනේකා (ඒඑස්ඩී/කොවිෂීල්ඩ්), ෆයිසර්/බයෝටෙක්, සිනෝෆාම් සහ ස්පුට්නික් වී එන්නත් යන එන්නත්ය. මේ සියල්ල කොරෝනා ආරම්භයේ සිදුවූ පරේක්ෂණ වලින් නිකුත් වූ එන්නත්ය. එලෙස නිකුත් වූ එන්නත් දැනට පවතින නව කොවිඩ් ප්‍රබේද වලට කෙතරම් දුරට සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවාද යන ගැටළුව මතුවීමෙන් පසු බහරේනයේ සෞක්‍ය පරීක්ෂකයින් විසින් COVID 19 විවිධ එන්නත් ලබා ගත් පිරිස් ඇතුලත් කර ගනිමින් ඔවුන් මතු කළ සංකුලතා, මියයාම් ආදී බොහෝ පැති සංසන්දනය කරමින් මෙම පරීක්ෂණය සිදුකර තිබේ.
එමෙන්ම එන්නත ලබා නොගත් පුද්ගලයින් සමඟද මෙම පරීක්ෂණ සිදු කර ඇත. නමුත් කිසියම් හෝ එන්නත් ලබා ගැනීම වැදගත් බවද ඔවුන් පවසයි. ඒ අනුව බහරේනය දිගටම එන්නත්කරණය සිදු කරයි. කෙසේවෙතත් ඔවුන් පවසා ඇත්තේ අනෙකුත් එන්නත් ලබන්නන් හා සසඳන විට සිනොෆාම් එන්නත ලබා ගත් අය අතර COVID-19 ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව ද මූලික විශ්ලේෂණවලින් හෙළිවී ඇති බවය.
එක්සත් ජනපදයේ සෞඛ්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් සමඟ එන්නතෙහි මුලික මාත්‍රාවන් දෙකෙන් පසු ප්‍රතිශක්තිකරණය පහත වැටීමට පටන් ගන්නා බවය. එම නිසා තුන්වෙනි මාත්‍රාවකට යෑමේ අවශ්‍යතාවයක් පවතින බව ඇමරිකාව පවසයි. එන්නත් වල ආරක්ෂාව කාලයත් සමඟ අඩු වන බව නව දත්ත වලින් පෙනී යන හෙයින්, ලබන මාසයේදී එක්සත් ජනපදය කොවිඩ් -19 තුන්වන මාත්‍රාව බෙදා හැරීමට සූදානම් වන බව වාර්තා වේ.
කෙසේවෙතත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙල්ටා සහ නව ප්‍රබේද වලට අප රටේ තිබෙන එන්නත් ඔරොත්තු දෙනවාද ? මෙම එන්නත් සාර්ථකව ක්‍රියාත්මක වනවාද යන්න පිළිබදව පරීක්ෂණ සිදු වෙමින් පවතින බව වාර්තා වේ. ඔවුන් මින් ඉහතදී නව ප්‍රබේද වලට එන්නත් යෝග්‍ය බව පැවසුවත් මේවන විට එකී තත්වයන් වෙනස් වීම තුල මේ ගැන අලුතින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ජයවර්ධන පුරට පමණක් සීමා නොවී සෞක්‍ය අමාත්‍යංශය යටතේ ද පරේක්ෂණ සිදු කිරීම වැදගත් බවය. ඊට දැනුමැති පිරිස් සෞක්‍ය අමාත්‍යංශය යටතේ සිටින බව පෙන්වා දෙන GMOA, එහි වැදගත්කම සෞක්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ද පෙන්වා දී ඇත.
කෙසේවෙතත් විවිධ විචාරකයින් පවසන්නේ මෙසේ වුවහොත් ජනතාවට දිගටම විවිධ එන්නත් වලට යෑමට සිදු වන බවකි. ලෝකයේ විටින් විට විවධ විකෘති ප්‍රදේධ හට ගන්නා බැවින් නිරතුරු පරීක්ෂණ කරමින් පවතින නව ප්‍රබේද වලට අවශ්‍ය ඖෂධ වලට යෑම වැදගත් බව පරීක්ෂකයින් පවසන්නේ මෙලෙස ලෝකයේ බිහිවූ වෛරස් නැත්තටම නැති නොවන බැවැනි.
ඔවුන් එසේ පවසද්දී ශ්‍රී ලංකාවේ ද එන්නත් සඳහා විවිධ විව්චන පල වෙමින් තිබේ. එහිදී බලහත්කාරයෙන් එන්නත් කිරීම ගැනද බොහෝ අය මේ වන විට විවිධ විවේචන එල්ල කරමින් සිටිති. එහිදී දේශීය වෙදදුරන් පවසන්නේ ආයුර්වේදයට යොමු වීම තුල මෙලෙස බිහිවන වෛරස් වලට විසදුමක් ලැබෙන බවයි. ඒ අනුව ආයුර්වේද අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද දේශීය වෛද්‍යවරුන්ට තමන්ගේ ආයුර්වේද බෙහෙත් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ එන්නත්කරණය එසේ සිදු වෙද්දී දේශීය බෙහෙත් වලටද එලෙස යොමු වීමේ ප්‍රවණතාවයක් මේ වන විට දක්නට ලැබේ.
අපි මේ සිටින්නේ කොරෝනාහි ඉතාමත් බැරෑරුම් අවස්ථාවකය. එම නිසා පරීක්ෂණ මෙසේ සිදු වෙද්දී ඔබ, ඔබේ ප්‍රදේශයේ ලබා දෙන කිසියම් හෝ එන්නතක් හැකි ඉක්මනින් ලබා ගෙන සෞක්‍ය මාර්ගෝපදේශ අකුරටම අනුගමනය කරමින් ඔබේ පුරවැසි වගවිමත්, සමාජ වගකීමත් මැනවින් ඉටු කර කොවිඩ්වලින් ආරක්ෂාකාරීව ජිවත් වන ලෙසට The Sunday Reader අපද මතක් කරන්නෙමු.