එකුදු දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවයක් විශාල පිරිසක්

0
ගෙවුණු මාස කිහිපයේදී එකුදු දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවයක් විශාල පිරිසක් සිටින බව අනාවරණ වී ඇත.
වසරකට වැඩි කාලයක් එකදු දිනයක් හෝ සේවයට නොගිය ගුරු විදුහල්පතිවරු මෙන්ම ගෙවුණු මාස හයේදී එකම දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කරුණු අනාවරණ කරගෙන තිබෙ. මෙසේ සේවයට වාර්තා නොකළ ඇතැම් ගුරුවරු ගුරු උද්ඝෝෂණයට පැමිණ ඇත. ඒ සියලු දෙනා වැටුප්ද නියමිත පරිදි ලබාගෙන ඇත.
එමෙන්ම 8500 කට වැඩි විධායක ශ්‍රේණි නිලධාරීන් ඉදහිට සේවයට වාර්තා කොට ප්‍රවාහන දීමනාව සහ ඉන්ධන දීමනාව ගෙන තිබේ. මින් ඇතැම් අය සේවා ස්ථානයේ රැදී ඇත්තේ පැය දෙක තුනක් පමණී. ඔවුන්ට මෙම දීමනාව වශයෙන් රුපියල් 68 දහසට වැඩි මුදලක් වැටුපට එකතුවෙයි. සේවයට වාර්තා කිරීමේදී මෙම දීමනාව ගෙවීම සිදුකළත් සේවයට වාර්තා නොකිරීමේදී එය වැටුපට එකතු කිරීම පිළිබඳ තවදුරටත් සිතා බැලිය යුතු බව රාජ්‍ය විගනණය පෙන්වා දෙයි. මෙම දීමනාව ලබාගන්නා ඇතැම් නිලධාරීන් ප්‍රවාහන පහසුකම් ඇති අවස්ථාවේ බස් රථයෙන් හො දුම්රියෙන් පැමිණ එම දීමනාව ලබා ගන්නා ආකාරයද දැක ගත හැකිවිය.
ඇතැම් පෞද්ගලික ආයතනවලට වැටුප් ගෙවීමට හෝ අපහසුවී තිබේ. එම බොහෝ ආයතන මුලික වැටුප් පමණක් හෝ ඉන් අඩක් පමණක් ගෙවීම සිදුකරන බව වාර්තා වී තිබේ.