රෝහල් වල මෝචරි ගැටලුවට මෙන්ම ආදාහනාගාර සඳහා නිසි වැඩපිළිවෙලක්

0
By: අශන්ති වරුනසුරිය
රෝහල් වල මෝචරි ගැටලුවට මෙන්ම ආදාහනාගාර සඳහා නිසි වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වන බව නිමල් ලංසා පවසයි.
ආදාහනාගාර සම්බන්දයෙන් උද්ගතවී ඇති තදබදය සම්බන්දයෙන් The Sundayreader අප කල විමසුමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඔහුගේ බලප්‍රදේශය වූ ගම්පහ කොවිඩ් මෘතදෙන ආදාහනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.
මෘත දේහ ටයර් දමා සමූහ ලෙස ආදාහනය කිරීමට රජය කිසි විටෙක අදහස් නොකරන බවත් මෙවන් වසංගත දරුණු තත්වයකදී වුවද කළහැකි උපරිමය සිදු කිරීමට රජය කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ පවතින වාතාවරණය හමුවේ මුදල් ගෙවීමේ අපහසුතා ඇති පවුල් වලට ඒ සඳහා අදහනාගාර ගාස්තු නොගෙවා සිදු කිරීමට ද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බවය.
දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ හේතුවෙන් ආදාහනාගරයන්හි දැඩි තදබදයක් මතුවුවත් තදබදයට විසදුම් ලබා දෙමින් අවසන් වෙලාවේදී ලබා දිය හැකි ගෞරවය කුමන අයුරකින් හෝ ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
පානදුර මූලික රෝහලේ කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහවල සීඝ්‍ර වර්ධනය වීමක් දක්නට ඇති බැවින් එම මෘත දේහයන් සමූහ වශයෙන් ආදාහනය කිරීමට අවධානය යොමු වී ඇතැයි පානදුර නගර සභාපති නන්දන ගුණතිලක පවසා තිබිණි. දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ හේතුවෙන් ආදාහනාගරයන්හි දැඩි තදබදයක් මතුව ඇති බව නගරාධිපතිවරයා පෙන්වා දෙයි.
මෙම කොවිඩ් මෘතදේහ වෙනත් ප්‍රදේශවල භූමදානය කිරීමට රජයෙන් ඉල්ලීමක් කිරීමට අදහස් කර තිබුණත් එම ප්‍රදේශයන්හි මහජන විරෝධතා මතුවිය හැකි බැවින් එය එසේ කළ නොහැකි බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක වැඩිදුරටත් පැවසීය.