හඳුනානොගත් සිරුරු 40ක් භූමදානයට අවසර

0
රජයේ රෝහල් වල හඳුනානොගත් මළ සිරුරු ඉවත් කිරීම සඳහා සමූහ ආදාහනය සහ භූමදානය සිදු කෙරේ.
කොලඹ සහ ඒ අවට ඇති රජයේ රෝහල් වල මෘත ශරීරාගාර හිමිකම් නැති ශරීර වලින් සහ කොරෝනා වෛරසයෙන් මියගිය අයගේ මළ සිරුරු වලින් පිරී ඇත.
2017 වර්ෂයේ සිට කොළඹ ජාතික රෝහලේ තබා ඇති හඳුනානොගත් මළ සිරුරු 40ක් භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
නිසි නෛතික ක්‍රමවේද අනුගමනය කර එම සිරුරු මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කරන ලෙස එම නියෝගයේ දැක්වෙයි.